Saturday, October 2, 2010

මුතු...

මුතු... මුතු...
අනේ කෙල්ලේ තාම තාත්තිගේ පපුව උඩට වෙලා හොඳට නිදි නේද?
ඒ මගේ සදාදර බිරිඳගේ කටහඩයි.
ඒ කතා කලේ,
මගේත් ඈයගේත් එකම ආදර දූ පැටික්කිටයි.
අපේ ජීවිත වලට සතුට අරගෙන,
අපි අතර බැඳීම තවත් වැඩිකරන්නට,
කොහේදෝ ඉඳන් ආ අපේ පුංචි හුරතල් කෙල්ලටයි.
මුතු අපිට වාසනාවකි.
තාත්තිටනම් මුළු ලෝකයකි.
තාත්ති එනකම් අම්මිත් එක්ක,
මග බලන් හිද ආපු ගමන් බෙල්ල බදා ගෙන
ඉඹ ගෙන ඉඹ ගෙන යන
මගේ පුංචි කෙල්ල
ඳඟල ඳඟල ඉඳල නිදිය ගන්නේ
තාත්තිගේ පපුව උඩ
ඉතිං උදේට ඈහැරවන්න ගියාම දුකේ බෑ...
තාත්ති තාත්ති කිය කිය තවත් හයියෙන්
බෙල්ල බදාගෙන නිදා ගන්නවා.
ඉතිං පුංචි මුතු කෙල්ලට ගොඩක් ආදරෙයි මම.
 ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න   (https://prasanna86k.wordpress.com)

10 comments:

  1. ඔන්න ඉතිං මුතූ ටිකක් ලොකු වෙලා තරුණ ගැටිස්සියක් වුණාට පස්සෙ දවසක් ක්ලාස් ඇරිලා ලා වැස්සක කුඩයක් ඉහලගෙන එද්දි මෙන්න මෙහෙම එකක් වෙනවලු ඈ....

    "මුතු මුතු වැස්සේ.. පට කුඩයේ තනිවෙලා
    සුදු මුතු මුණිකේ කොයි යන්නේ සැනහිලා...

    තෙම් තෙමි වැස්සේ ඇයි එන්නේ හිනැහිලා
    යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා"

    මෙව්ව ආරංචි වුණාම උඹ කැති පොලු අරගෙන එලියට බහින්නෙ නෑ නේද? ;-)

    නියම සටහනක් මාළුවෝ... තමන්ගෙ දරුවො ගැන හැම අම්ම තාත්ත කෙනෙකුටම දැණෙන්නෙ මෙහෙම වෙන්න ඇති :D

    ReplyDelete
  2. එව්වා ආරංචි නොවෙන්න ඉතිං දෙමාපියෝ වග බලාගන්න ඕන. තමන්ගේ දරුවන්ව හොදින් බලාගෙන, මදිනොවෙන්න ආදරේ දුන්නනම් එහෙම දේවල් වෙන එකක් නෑ. ඒත් ඉතිං ඔය ඉලව් ඔක්කොම නවත්තන්නත් බැහැනේ... තැන්ක් යූ වේවා පෝස්ට් කලාට.

    ReplyDelete
  3. ලස්සනයි..

    ඔයා ඇත්තටම දැනටත් තාත්තෙක් නම් දුවෙක් විදියට මේ කියන්නේ අනාගතය වෙනුවෙන්.. කොයි තරම් ආදරේ දුන්නත් කුරුළු පැටව් ලොකු උනාම කූඩුවෙන් පියාඹලා යනවාමයි.. එහෙම නොවුනොත් ඒ ලෙඩු කුරුල්ලෙක්.. සදාතනික සත්‍යට දැම්ම ඉදං හිත හදාගන්න.. දුව‍ට ඕන විදියට නටන්න දෙන්න කියනවා නෙවෙයි.. ඒත් නිසි වයස ආවම එයා ඔයාගෙ තුරුලෙන් පොඩ්ඩක් විතර ඇතට යනවා මයි.. හැබැයි දූගේ හිතේ තාත්තට තියන ආදරේ ගෞරවේ නම් නැති වෙන්නේ නෑ.. ඔයා හරියට දූ හැදුවොත්.. ඒක තියෙන්නේ ඔයාගේ අතේ..!

    ReplyDelete
  4. @ මලී - අත්දැකීමෙන් වෙන්ඩැ කිව්වේ....

    ReplyDelete
  5. @‍ හරේ - ඔෆ්කෝස් යර්ස්..!!!

    ReplyDelete
  6. සිරා ලස්සන වචන සීයක් තාත්තා කෙනෙක්ට ආදරේ දැනෙන විදිහ පිටට පෙන්නන රළු බවට වඩා අමුතු දෙයක් කියලා සිරාවට පෙන්නලා තියෙනවා..

    ReplyDelete
  7. මේක සුපිරි පෝස්ට් එකක්..!

    ReplyDelete
  8. කට්ටියටම තැන්ක් යූ වෙන්න ඕනා... මේක මේ කාලෙක ඉඳන් හිතේ තියෙන දෙයක්, තවත් ටික කාලයක් යයි ඉතිං මේවා ඈත්ත වෙන්න.ඒක නිසා අර මලී කියපු විදියට හිත හදගන්නත් දැන්ම ඉඳන්ම ලෑස්ති වෙන්න ඕනේ. කොහොමටත් ඉතිං අත්දැකීමෙන් කියපු දෙයක් අහක දාන්න බැහැනේ.. හි හි :) :)

    ReplyDelete
  9. ආගන්තුකයාටත් තැන්ක් යූ... ඈත්ත්ටම වචන කෝටි ගානකින් කියන්න බැරි තරම් දේවල් ඔලුව ඈතුලේ ගොඩ ගැහිලා. කොහොම හරි අමාරුවෙන් 100කට බස්සලා තමා ඔය තියෙන්නේ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...