Friday, April 29, 2011

කුලියට දීමට ඇඳුම්!

දැන්වීමයි!

දවසක පාවිච්චියට සල්ලිදීලා අරං නාස්ති කරන්නේ මොටද?

නේනාවරුන්ගේ හා මහත්වරුන්ගේ ඇඳුම් කුලියට දීමට ඇත. ඕනෑම තනි පාටකින්, ප්‍රමාණයකින්, එකක් හෝ තොග වශයෙන් ලබාගත හැකිය. අඩුම වශයෙන් දිනක හෝ දිගු කාලීන බද්දට දෙනු ලැබේ.

සේවාදායකයාගේ පහසුව තකා නියමිත දිනට දවස් දෙකකට පෙර ඇඳුම් ලබා දීමට හැකි අතර ඒ දෙදිනට අයකරනු නොලැබේ. සුළු ඇපයක් තැන්පත්කර ඇඳුම් ලබාගත හැකිය. බද්දට ලබාගත් ඇඳුම් පසුදිනම ආපසු බාරදීමේ කොන්දේසියට යටත් වෙන අතර එසේ කිරීමට අසමත්වීම ප්‍රමාදවෙන සෑම දවසක් පාසා දඩ මුදලකට යටත්වේ, අවම වශයෙන් දවසක දඩ මුදල අයකරනු ඇත.

සැ.යු: ආපසු බාරදීමේ දී ඇඳුම් පලුදුවී ඇත්නම් මුළු වටිනාකම ගෙවීමට සිදුවෙන බව කරුණාවෙන් සලකන්න.

විමසීම්: rental[at]katussa[dot]com

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

10 comments:

  1. To: rental[at]katussa[dot]com
    Subject:
    මට ** පාට 16 සයිස් අත්කොට කමිසයක් වෙන්කරලා තියන්න. අප්‍රේල් 30 දවල් 12ට කලින් ඇවිල්ලා ගන්නම්, මැයි 2දා හවස ආපසු බාරදීමට පොරොන්දුවෙමි.

    ගිය මැයි දිනේට ගත් පාට වෙනස් පටලවගන්න එපා.

    ස්තුතියි,
    මගේ අංකය 149854

    ReplyDelete
  2. :D ඇත්තනෙ. නිකම් සල්ලි නාස්ති කරන්නෙ මොකටද? නියම දැන්වීම.

    ReplyDelete
  3. සිරාවටම! නියම බිස්නස් එකක්. ‍මේ තැනේදිම ඇඳුම් මාරු කරගන්නත් අවස්ථාවක් දුන්නනම් උත්සවේකට යනගමන් කෙලින්ම ඇවිත් ඇඳගෙන යන්න පුළුවන්. එනගමන් ආපහු බාර දෙන්න පුළුවන්නේ... පැය ගානට අයකරන්න පුළුවන් :D

    ReplyDelete
  4. matanang hithenne meke andhum add ekakata vadaa thiyenne upahasayak kiyala :) aththa .... magee langath thiyena samahara andhum avurudhu gaanakatama ekapaarai andala thiyenne :)evaa rent out kalaanam matath kiiyak hari hoyaganna thibunaa....:)api meka kiyavala hinaavenne apitamaneeda kiyala hithunaa :)

    ReplyDelete
  5. ඇනෝ-1:
    To: *******[dot]com
    Subject: Re:
    ඔබේ අංකය:149854

    ඔබ සඳහන් කල **කින් පාට කිහිපයක්ම නියෝජනය වුවද වසර ගනනාවක ඔබේ සාමාජිකත්වය සැලකිල්ලට ගෙන ඒ ඒ පාටවලින් (ගිය වසරේ ගත් පාට හැර)කමිසය බැගින් වෙන්කර තැබූවෙමු. එහෙත් දවසේ ව්‍යාපාර කටයුතු අවසන් වෙන වෙලාව දක්වා ඔබේ නොපැමිණීම අපේ කණගාටුවට හේතුවිය.

    මීට,
    ඔබේ සේවය සඳහා කැපවූ
    කටුස්සා.කොම්

    ReplyDelete
  6. @නලිනි චන්දිමා:
    දැන්වීම හොඳට තෙරුම් අරං, බොහෝම ස්තුතියි.

    ReplyDelete
  7. @hare :-)
    පැය ගානට රෙන්ට කරන අදහසත් හොඳයි, අපේ අදහස් ඔය එක එක සැමරුම් දිනවලට හරියන පාට ඇඳුම් සපයන්නයි.

    ReplyDelete
  8. @ඇනෝ-2:
    බොහෝම ස්තුතියි කතිකාවට තවත අරුතක්, තවත් කෝණයක් එක් කිරීම ගැන.

    ReplyDelete
  9. ඇනෝ-1 විසින් වචන සීය තුල ගැබ්කල මැයි දිනය මුල්කරගත් අදහස ලස්සනට ග්‍රහණය කරගෙන කල උපහාසයෙන් පිරි සටහන අගේය. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  10. ඔවා ඇදල හැදෙන ලෙඩ වලට වන්දි ගෙවනවද?



    ප්රෂ්නයක්!( මොනවත් හිතන්න එපා මෙහෙම දැම්මට)
    ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
    උත්තරේ දැනගන්න මගේ බ්ලොග් එකට යන්න
    http://selarusinbath.blogspot.com/2011/04/blog-post_30.html

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...