Tuesday, April 12, 2011

අනේ ඇයි බං පුතේ මේ........... ?

“අනේ බං පොඩි එකෝ.........

උඹට අහවල් දේකින් අඩුවක්ද? මොකද්ද බං මේ වෙනකම් බලන් ඉන්නේ?

අපි දෙන්නා ගැනවත් හිතුවද?

උඹට එහෙම දෙයක් වෙනවට වඩා හොඳයි මටයි තාත්තාටයි වෙන එක. එහෙම දෙයක් වුනාට පස්සේ අපි ඉඳලා පලක් තියේද?

උඹට එහා උඹේ යාළුමිත්‍රයෝ. උනුත් කටක් ඇරලා කිසි දෝසයක් නැතුං උඹට ඔය නම කියනවානේ.

ඇයි පුතේ, උඹට අපි පොඩි කාලේ දාපු නම ඔච්චරටම අසෝබනයි කියලා හිතිලද මෙහෙම නමක් දාගත්තේ?

උඹ නං අයියාගේ අහලකින්වත් තියන්න පුළුවන් ‍පුතයෙක් නෙමෙයි. කනමොදයා වගේ බීගෙන............. මේ විදිහට ගියොත් උඹ නමකුත් දාගෙන වෙනකම් බලන් ඉන්න එක, ඉෂ්ට වෙනවා වැඩිකල් නොයාම.

වෙනකන් බලාගෙන ඉන්න
මගේ මරණය

තුහ් විතරක් මොකටද මගේ කට”.

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

25 comments:

  1. අනේද කියන්නේ....... :D

    ReplyDelete
  2. hooo!!!! බුහාහාහාහාහාහා!!!!

    නියමයි ආහ්..!! කාලෙකින් නියම සීයයක්!!

    හයියොහ් මරේ!!!!

    නියමයි රන්දිල් අක්කා නියමයි!!!!

    ReplyDelete
  3. ඒ පාර පටන් ගනී වගේ තව යුද්ධයක්...

    ReplyDelete
  4. සුපිරි ලිපියක් අක්කේ!!!

    ReplyDelete
  5. රන්දිලා සමහර දෙවල් තියනවා අපිට එ දෙවල් බලන් ඉන්නව විතරයි තියන්නෙ, හරවන්න, හොල්ලන්න මුකුත් බැහැ. එ වගෙ හැගිමක් අල්ලන් ඉන්න මනුස්සයෙක්ම තමයි දන්නෙ එක කොච්චර අමාරු දෙයක්ද කියලා.
    හැමොම එක වගෙ නැහැ. ඉතින් අපි හැමොම එ ගොල්ලන්ගෙ අදහස් පිළිගන්න ඔනා. නමත් එක්ක ගැටුනු සිද්ධියක් පමණක්.

    සොරි ඩියර් මෙ සියට මම ලකුණු දෙන්නෙ 80% වක් විතරයි.

    ReplyDelete
  6. හොදට බලහල්ලා අරක්කු බොද්දි විදුරුව අල්ලන් ඉන්න හැටි :D:D:D:D
    මුචා

    ReplyDelete
  7. හික් හික් නියමයි අක්කා....!

    ReplyDelete
  8. සෝරෝ,
    ....... අනේ නෙමෙයි......... අම්මා කියන්නේ.... :)

    ReplyDelete
  9. මලී,
    ස්තුතියි නගා...... :)

    ReplyDelete
  10. මාරයියා,

    ඔයාටත් ඕනේද සීයයක්? :)

    ReplyDelete
  11. චන්දික මලේ,

    ස්තුතියි ස්තුතියි :)

    ReplyDelete
  12. රවා,
    මලේ, මේ මං හිතන විදිහ නෙමෙයි. මට හැමදාම හිතුනු දෙයක් තමයි මේ අපි හැමෝම දන්න, අපි හැමෝම ආදරය කරන 'මගේ මරණය' නාමධාරියාගේ අම්මා මේ දාගෙන ඉන්න නම ගැන මොනවගේ සිතුවිල්ලකින් ඉන්නවා ඇත්ද කියන එක. මොකද මං දන්නවා අම්මා කෙනෙක් කවදාවත් මේ වගේ නමක් ගැන සතුටු හිතින් හිතන්නේ නැහැ කියලා. මගේ හිතේ තිබුනා කවදාහරි ඒ අම්මා මුණ ගැහුණු දවසක ඒ ගැන අහන්න. තේරුණාද? ඒ
    ගැන අහන්න මගේ හිතේ තිබුණා !!!
    ඉතිං ඒ සිතුවිලි ඔස්සේ ගිහින් මං මේ රචනාව කලා. 80% කියන්නේ විශිෂ්ට සාමාර්ථයක්නේ. ස්තුතියි ස්තුතියි.

    හැබැයි ඉතිරි 20% මට ඔයාට දෙන්න හිතෙනවා. මොකද මේ ලියැවිල්ලෙන් මගේ සිතුවිලි පල වෙනවා කියලා හිතලා ඔයා කොමෙන්ට් කරපු නිසා.

    කොහොම වුනත් මේ සීයේ වදන් ගැන්නෙත් අපේ ලබැඳි මිතුරාම තමයි.

    ReplyDelete
  13. අන්ශ්, මුචා, හසී,

    ස්තුතියි අදහස් දැක්වීම ගැන. :D

    ReplyDelete
  14. අපි දන්න මරණෙ නම් සුන්දරයි... අම්ම ඕනවට වඩා පන්සල් යනව වගේ.... ;-)

    ReplyDelete
  15. හරේෂ්,

    ‍කොච්චර සුන්දර වුනත් අම්මා කෙනෙක් කැමති වෙන්නේ නැහැ නේද? :)

    ReplyDelete
  16. මා දුටු මරණය සොහොයුරා...
    කවදාවත් කාගෙවත් හිත නොරිද්දන
    සෑබෑ සොයුරෙකු මෙන් හෑමෝම ගෑන හොයලා බලන...
    තමුන්ගෙ පාඩුවේ ඉන්න ...
    හොඳ මනුස්සයෙක්..
    අපූරු මිත්‍රයෙක්...
    ඒ වගෙ කෙනෙකුට මඩක් ගහන්න 'සීයෙ බ්ලොග් එක'(මම ආසම බ්ලොග් එකක්) යොදා ගත්ත එකට මම විරුද්ධ වෙනවා .. හේතු 2ක් උඩ..

    1. මගේ මරණය - ඉතා හොඳ මනුස්සයෙකු වීම
    2. 100 බ්ලොග් එක - වචන 100 ඇතුලේ සාරවත් , වටින අදහස් තියන තෝතෑන්නක් මිස අලුතෙන් පටන් අරගෙන තියන මඩ ට්‍රෙන්ඩ් එකට අහු නොවූ බ්ලොග් එකක් වීම...

    මගේ බලවත් විරෝධය... අනුන් ගැන මඩ ලියනවාට වඩා හොඳ දෙයක් 100 රසිකයන් හැටියට අපි දකින්න කැමතියි...

    ReplyDelete
  17. හිතවත් ඇනෝනිමස්, (ඔබව මම හඳුනා ගතිමි)

    ඔබ දැක්වූ කරුණු ම ගන්නම්.

    1. මගේ මරණය - ඉතා හොඳ මනුස්සයෙකු වීම

    ඔබ සේම මගේ මරණය නමින් ඉන්න ඒ අයියා මොන තරම් හොඳ කෙනෙක්ද කියන එක මමත් දන්නවා. මෙම ලිපිය ලිවීමේදී මට මේ සොයුරා දන්නා දා හිටන් හිතුනු දෙයක් භාවිතා කල බව මම පෙරදීත් කිව්වා. ඔබ නොදන්නවා වුවත් මේ ලිපිය මම මුලින්ම දුන්නෙත් ඔහුටමයි.

    2. 100 බ්ලොග් එක - වචන 100 ඇතුලේ සාරවත් , වටින අදහස් තියන තෝතෑන්නක් මිස අලුතෙන් පටන් අරගෙන තියන මඩ ට්‍රෙන්ඩ් එකට අහු නොවූ බ්ලොග් එකක් වීම...

    මේ ලිපිය කිසිසේත්ම මඩ ගැසීමේ අරමුණක් ඇති එකක් නොවන බවද මම පවසනවා. මේ ලිපිය මඩ ලිපියක් සේ ඔබට දැනුනේ ඇයි කියා මට වැටහීමක් නැහැ. සාරවත් භාවය පිළිබඳව නම් ඔබගේ බලාපොරොත්තුව සුන් වෙන්න ඉඩ තිබෙනවා. හුදෙක් විනෝදය පිණිස ලියැවුණු ලිපි ඕනෑ තරම් ඔබට මෙම අඩවිය තුලින් සොයා ගත හැකි බවද කියන්න කැමතියි.

    ReplyDelete
  18. සැබැ ම්තුරෙක් කියන්නෙ මිතුරෙකුගෙ ජීවිතයට ශක්තියක් වෙන හිතේ ඇති දේ එලෙසින්ම කියන කෙනෙක්. මේ ලිපිය ලියපු ඔබ මම දකින්නෙ සැබැ මිතුරෙක් විදියට.මේ ලිපිය මඩක් විදියට මම දකින්නෙ නැ. සැබැ මිතුරෙකු ගෙ ලෙන්ගතු ඉල්ලිමක් මිත්‍රයට දැනෙන බාසාවෙන් ලියලා කියලයි මම දකින්නේ

    ReplyDelete
  19. ස්තුතියි දෙවැනි ඇනෝනිමස් මිතුරේ. :)

    ReplyDelete
  20. මරේ මරු......... පළවෙනි ඇනෝ..... උඹටත් හිතෙන දේවල්.......... රස කෑමක් තියෙනවා. උඹේ ම කටේ දාන්න ම වටිනවා. මෙන්න මෙතැන තියෙනවා ගිහින් කන්න. http://onezerozerowords.blogspot.com/2011/03/blog-post_28.html
    (2. 100 බ්ලොග් එක - වචන 100 ඇතුලේ සාරවත් , වටින අදහස් තියන තෝතෑන්නක් මිස අලුතෙන් පටන් අරගෙන තියන මඩ ට්‍රෙන්ඩ් එකට අහු නොවූ බ්ලොග් එකක් වීම... )

    ReplyDelete
  21. සීයකින් මෙසේ
    බැරිය කිසි දිනේ
    ගයන්නට නඟේ
    එ'මලයගෙ අගේ

    ReplyDelete
  22. ඇත්ත අක්කේ ගුණ නං සීයෙන් ගනින්න බැහැ තමයි. ඒකනේ සීයෙන් අගුණ ගැන්නේ............ :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...