Sunday, April 3, 2011

දින්නත් පැරදුනත්

එෆ්.බී ස්ටේටස්, ට්වීට්, බzz අප්ඩේට් තොගයකි.
ඔවුන් ජය පතති.
විටෙක බැනුම් සහ විටෙක ලෙංගතු කමකි.
ඒ උද්‍යෝගයයි.

අප සැමගේම අභිප්‍රාය වූයේ ලෝක කුසලානය අප රට සතු වීමය.

කුසලානය උදෙසා රටක් ලෙස සතුටු වීමට අපට නොහැකි වුවද ලෝක සිතියමේ එක කලාපයක් ලද ජයක් වෙනුවෙන් අද අපි සතුටු වෙමු.

ක්‍රිකට් යනු අපේ ජීවිතයයි.

ජීවිතය මෙන්ම කිසිසේත් නිෂ්චිත නැත.

ජීවිතයට මුහුණ දෙමින් අහිමි වූ කුසලානය වෙනුවෙන් දුක් වී පලක් නැත.

අපගේ පැතුම් ඉටු කලද සුන් කලද ඔවුන් අපේ විරුවන්ය. මුරලි ක්‍රිකට් දිවියෙන් සමුගනු ඇත.

කප් එක ඇතද, නැතද ඔවුන්ගේ උපන් බිමට පැමිණීම අප ලෙංගතුව පිළිගත යුතුමය.

ලක දෙස ලොවක් නෙත් යොමු කරවුවන්ට ආයුබෝ!


-

9 comments:

  1. අවසන් තරඟයේ අභියෝගය දක්වා ලක් රට ජයග්‍රහණය කරා ගෙනගිය ඔවුන් විරුවෝය.

    පසුගිය CWC මෙන් නොව ගිලිහෙන ජය ඉදිරියේ ද අභියෝගාත්මක අවසන් තරඟයක් කල ඔවුන් ක්‍රිකට් රසික ලොව විරුවෝ වෙනවා නිසැකයි.

    ජය මෙන්ම පරාජයද තරඟයේ කොටසක්, ඉදිරියට යායුතු වෙමු.

    ReplyDelete
  2. අර ගල්ඉබ්බත් ගියානේ ආශ්චර්ය්‍ය පෙන්නන්ඩ.. කප්එක තමන්ගේ මුට්ටියට දාගන්ඩ...

    ReplyDelete
  3. අනේද කියන්නෙ... දිනුවනං බලාගන්ඩ තිබුණා කෙරුවාව... ඒකත් තමංගෙ මඩිස්සලේට තමා..

    ReplyDelete
  4. ඕක ඉතිං කවුරු හිටියත් පම්පෝරි ගහන්න පාවිච්චි කරනවනේ... දිනුවනං ඉතිං අපිටත් අපි දිනුව වගේ තමයිනේ..

    ReplyDelete
  5. හෙහ් හෙහ්... කිව්වත් වගේ එහෙම එකකුත් වෙන්න හොඳටම ඉඩ තිබුණා...

    මොනව කරන්නද? 2015දිවත් දෙමුකො වැඩේ...

    ReplyDelete
  6. චික්. අපේ රටේ නෑනේ දේශප්‍රේමී බුද්ධීමත් නිලියෝ..

    ReplyDelete
  7. හිටියට වැඩක් නෑ අන්තිම ඇනෝ. අපේ නිලියොන්ගේ හෙලුව, ක්‍රිකට් ටීම් එකේ උන් හොඳට දැකලා ඇති!

    ReplyDelete
  8. @මුචා

    අනේද කියන්නේ... අපේ ජනතාව නම් ටිකක් වැඩිපුර සපෝර්ට් කරයි..

    අන්තිම ඇනෝ

    ReplyDelete
  9. පරාජය ගැන තවමත් දුකින්.. :/

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...