Wednesday, March 30, 2011

ලිප්ටන්... නයිස් ටී බෑග්

මිසරයින් හිතන්නේ අලුත් පෙරළියකට ඔවුන් පාර පෙන්නුවා කියලා. හැම තැනම
ඔවුන් උපදේස් දෙනවා, බලපෑම් කරන හැටි උගන්වනවා. හමිදු අවුරුදු බර ගානක්
ඊජිප්තුව දැකලා නැති කෙනෙක්, ඒත් කතාව මුල ඉඳන් අග දක්වා තාරීර්
චතුරශ්‍රයේ හිටි එකෙක් වගේ. අවුරුදු තිහක් නිදාගෙන හිටි උන් මගෙන් අහනවා
අපි මොනවද කරලා තියෙන්නේ කියලා.

මං කරබාගෙන හිටියා. ඒකාගේ අරියාදුව ඉවසන්න බැරි තැන මං කතා කරන්න පටන් ගත්තා...

"මීට අවුරුදු විස්සකට කලින් අපේ උන් පෙටා..."

"ඔව්, ඔව් පෙට්‍රා අද නටබුන් අතරේ." හමීදු කියාපිය

"ඒ කාලේ ලිප්ටන්..."

"ලිප්ටන්... නයිස් ටී, ටී බෑග් උණුවතුරට දාලා ඕන ගානට කහට ටික අරන් තේ
කොළ විසිකරනවා නොවැ කුණු කූඩෙට. එන්ජොයි සිලොන් ටී..."

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

8 comments:

  1. මරු මචන්, නියම වචන සීය.

    පංචායුධ මාමා දැක්කනම් එහෙම

    ReplyDelete
  2. හප්පච්චියේ . .

    එහේත් ඉන්නවා එහෙනම් අපේ රටේ ඉන්න ජාතියේ දේශයේ මුර ගල් . .

    හික්ස්

    ReplyDelete
  3. පෙට්‍රා (Petra) කියන්නේ ජොර්දාන රටේ පුරාණ නගරයක්.

    වැඩි විස්තර සඳහා: http://en.wikipedia.org/wiki/Petra

    ReplyDelete
  4. කට අරින්න දීලම නෑ නෙව? අපිට හොඳ පාලකයො ටිකක් ඉන්නවා කියලවත් කියල දාමු!

    ReplyDelete
  5. මේක මුලින්ම කියවද්දි දැණුන හැඟීම කියන්නම ඕන... මුල් ඡේදය නිකං පරිවර්තනය කරපු පොතක් කියවනව වගේ... අපූරු වචන ටිකකින් ලියවිලා තියෙනව මචෝ!

    ReplyDelete
  6. කියවා රසවින්ඳ හැමටත්, විශේෂයෙන්ම සටහනක් තැබූ හැමටත් බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  7. හිතන්න දෙයක් අන්තිමට .........

    ReplyDelete
  8. @සොඳුරු සිත:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...