Saturday, March 19, 2011

අපේ පාර

ඒ මුල්ම දවස
දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙමින් මම පොද වැස්සේ කුඩයකුත් ඉහලගෙන නුඹව හමුවෙන්න අර පාර ගාවට ආවා.
නුඹේ අතෙත් කුඩයක්.
මම ඒ නුපුරුදු පාරේ ඉස්සරහට අඩියක් තිබ්බා.
"ඒයි මෝඩි දැන් අපි යන්නේ කුඩ දෙකකින්ද.."
එහෙම කීව නුඹ කුඩේ ඇකිලුවා.
මම ජම්බු ගෙඩියකටත් වඩා රතු වෙලා නුඹේ උසට හරියන්න ඇඟිලිවලින් ඉස්සිලා කුඩේ ඉහලට කලා.
නුඹ හිනාවෙලා කුඩේ නුඹේ අතට ඇරන් මගෙ ඉණ වටේ අතක් දාල මාව ලඟට ගත්තා...
ඒ නුපුරුදු පාර එදායින් පසු අපේ පාර වුනා.
අපි ඒ පාරේ ආදරේ කලා..
ජීවිතේ සුන්දරව වින්දා.
ඒත් අද අපි ආගන්තුක වෙලා.
අපි ආපහු ඒ පාරේ කවදාවත්ම ආයිත් යන්නේ නැද්ද අයියේ??

ලියා එව්වේ - නිල් අහස

6 comments:

  1. "මම ජම්බු ගෙඩියකටත් වඩා රතු වෙලා නුඹේ උසට හරියන්න ඇඟිලිවලින් ඉස්සිලා කුඩේ ඉහලට කලා.
    නුඹ හිනාවෙලා කුඩේ නුඹේ අතට ඇරන් මගෙ ඉණ වටේ අතක් දාල මාව ලඟට ගත්තා..."

    ම් ම්ම්.......

    ReplyDelete
  2. හරිම ලස්සනයි කියල වැඩක් නැහැ...

    ReplyDelete
  3. ආයෙත් එහෙම යමු නංගෝ...
    ඒත් ආයෙත් ඒ වගේ මල් වැස්සක් අපේ ජීවිත වලට ඒවිද කියලා සැකයි..අපේම පාර අදටත් අපේමද කියලා සැකයි.. මගේම ඔයා අදටත් මගෙමද කියලා සැකයි...

    ReplyDelete
  4. හැමදේම ආපහු මතක් වුනා...මතක් වුනා නෙමෙයි මතක් කලා...

    හිරි පොද වැස්සට තෙමි තෙමි
    එක කුඩයක් යටට වෙලා
    හීතලට නුඹට තුරුල් වෙලා
    නුඹේ ඔය හිනාවත් එක්ක
    නොපෙනෙන අනාගතයක් ගැන
    හීන මව මවා
    කෙලවරක් නොපෙනෙන වීදිය දිගේ
    විසල් තුරු යටින්
    ගිය ඒ සුන්දර දවස්
    හිරු දුටු පිණි බිඳුවක් සේ
    බොදව ගියත්
    ඒ ආදරණීය අතීතයට
    තාමත් ආදරෙයි මම
    මගෙන් වෙන්ව ගියත්......


    "අපි ආපහු ඒ පාරේ කවදාවත්ම ආයිත් යන්නේ නැද්ද අයියේ?? "
    අපි ආයෙ කවදා ඒ පාරේ යයිද කියල මම දන්නේ නෑ මැණික්......

    ReplyDelete
  5. "මේ බස් නැවතුම පෙර හැම දිනකම
    අප හමුවුන හැටි දැන උන්නේ
    මා තනිවුන බව ඔබ සමුගෙන බව
    බස්නැවතුම තව නෑ දන්නේ" ♫♪

    මට මේ සින්දුව මතක් උනා

    ReplyDelete
  6. ඔබ අතගෙන ගිය වීදියේ ඈ හා යනවා.
    සිඟිති පුතා අතඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතු පැතුම් යලි සිහිවෙනවා
    ජීවිතයම හීනයකි කියා සිතෙනවා .. (මර්වින් පෙරේරා)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...