Thursday, March 17, 2011

බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය වෙත, (හිතවත් අයැදුම්කරුව ලිපිය හා බැඳේ)

බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය,

පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි.

මා පිළිබඳව ගූගල් යන්තරයෙන් බොහෝ තොරතුරු ලබාගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී මා බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, මාගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග්හි නිරතුරු දැකිය හැකිවීමද, මා දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන නොවැදගත් සාධක මත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමට ගත් අදූරදර්ශී තීරණයට මා කණගාටු වෙමි.

එය හුදෙක් මා ඉහත කී රැකියාව ගැන අනේකවිධ බලාපොරොත්තු පොදිබැද සිටීම නම් නොවේ. ෆේස්බුකියේ, ගූගල් බස් එකේ, බ්ලොග් අවකාශේ නිරතුරු රඟපාමින් වුවත් නියමිත සේවය 100% සැපයීමට හපන් සේවකයෙක් කෙදිනකවත් ආයතනයට නොලැබෙනු ඇති බව 200%ක් විශ්වාස කරමි.

ස්තූතියි,
මෙයට,
අයදුම්කරු.

ලියා එව්වේ - තනෝජා රාජපක්ෂ (http://thanojar.blogspot.com)

3 comments:

  1. හික් හික් මේක මරු ..අනුමත කරමි

    ReplyDelete
  2. පරිඝණක මෙහෙයුම් පරිපාලක තනතුර:

    මහත්මයාණෙනී,

    ඉහත තනතුරට අදාල අංශ ප්‍රධානියාගේ මූලිකත්වය දැරූ තේරීම් කමිටුව විසින් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වූ බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුවේ.

    ආයතනයේ කාර්යක්ෂමතාවය (productivity) හා අඩුවියදම් (cost saving) මාර්ග හඳුන්වාදීමේ වගකීම දරන අංශයේ ප්‍රධානියා ලෙස ඔබේ සේවාව ලබාගැනීමට තිබූ අවස්ථාව ගිලිහී යෑම ගැන කණගාටුවෙන අතර තේරීම් කමිටුවේ තීරණය ගැන සොයාබැලීමට ආයතනය තීරණය කර ඇති බව දන්වා සිටිමි. ඔබේ අයදුම්පත ගැන තීරණයේ වෙනසක් ඇති වුවහොත් නොපමාව ඔබට දැනුම් දෙනු ඇත.

    මෙයට විශ්වාසී,

    ....
    පරිපාලන කලමණාකාර,
    මානව සම්පත් පරිපාලන අංශය,
    බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය

    ප.ලි:
    ආයතනය දියත්කරන්න නියමිත පරීක්ෂණය අවසන් වෙන තුරු ඔබේ සහයෝගය උදෙක් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...