Thursday, March 24, 2011

මතකය..

ඔයාගේ මම කැමතිමදේ කියන්නද..?
හ්ම්..
ඔයාගේ ඔය පුංචි ලස්සන ඇස් දෙක..
ඇත්තට..?
සත්තමයි..
ඇයි ඒ..?
ඇයි කියන්න මම දන්නේ නෑ, ඒත් ඔය ඇස්දෙක දිහා බලනකොට මම අමුතුම ලෝකයකට ඇදිල යනව වගේ දැනෙනවා..
මාත් ඉන්නවද ඒ ලොකේ..?
හ්ම්.. ඔයයි මමයි විතරමයි.

බීප්.. බීප්... බීප්...
ඔයාගේ මම කැමතිමදේ කියන්නද..?
හ්ම්..
ඔයාගේ ඔය පුංචි...

 එය නැවත වාදනය කලෙමි. නැවත නැවතත් වාදනය කලෙමි.කොතරම් ඇසූවත්, අසා නිමකල නොහී දෙයක් ඒ තුල ගැබ්ව ඇත.අද මා සතුව ඇත්තේ මේ හඬ මතකය පමණි.ඒ ඇස් දෙක තවදුරටත් ලඟ නැත.අප දෙදෙනා වෙනුවෙන්ම සැදි ලෝකයට ආගන්තුකයෙක් පැමිනියේ කෙසේදැයි නොදනිමි.යලිත් ඒ ලෝකය දෙදෙනෙකුට පමණක්ම වී ඇත, වෙනස වන්නේ මම ආගන්තුකයෙක් වීමම පමණි.

ලියා එව්වේ - බූටා

6 comments:

  1. මටත් තිබුනා ඔය වගේ පටිගත කරපු පුංචි ආදර කතා..දැන් ඒවායින් හිත පෑරුනත් ජීවිතේ සුන්දරම මතකයන්

    ReplyDelete
  2. මම ඔයාගෙ විතරමයි . . . .
    ඔයා මගෙම විතරයි . . . .
    අම්මල මොනව කීවත් කමක් නෑ . . . .
    අපි දෙන්න ආත්මයක් ආත්මයක් ගානෙ අපේම වෙමු . . . .

    අවුරුදු ගානක් තිස්සෙ අහපු ඔය සිංදුව ඉවර උනේ එකම එක පේලියකිං

    "කේන්දර ගැලපෙන්නෑ දු** . . . . මට අම්මගෙ හිතරිද්දන්න බෑ . . . අම්මට පපුවෙ අමාරුව තියනව . . . ."

    ReplyDelete
  3. අනේ හොඳයි බං... තව ටික දවසක් හිටියම තේරෙයි උඹ කොයි තරම් වාසනාවන්තයෙක්ද කියලා...

    ඒක නෙවෙයි... මේක ගණන් කරල තියෙන්නෙ ඔය උඹල දෙන්න මැද්දට ආපු ආගන්තුකයද කොහෙද...

    ReplyDelete
  4. පොදු අත්දැකීමක්

    ReplyDelete
  5. ඔය වගෙ කතා ගොඩක් හිතෙ හිරවෙලා තියෙනවා

    ReplyDelete
  6. හැමෝටම ස්තුතියි..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...