Monday, March 28, 2011

අහෝ ෆෝබියා 4 - පොලිටික්ස්

අපේ දෙස්පළුවන් අපට හොඳය.

ඔවුන් හරිම හැඩි දැඩිය. එනිසා ඔවුනට රට කිසි පුරස්නයකින් තොරව කරගෙන යා හැක. අප ඔවුන්ගේ මතයට කඳ නැමිය යුතුය. ඒ උතුමන් ඔව්වා කරන්නේ අප ගැන හිතලාය. අනාගතය සුබ කරන්ටය.

එසේ නොවුනත් අපට කරන්ට දෙයක් නැත. උතුමන් අපට දෙවියන් බඳුය. අපට දෙවියන් හා හැප්පිය නොහැක.

මා පුතුගේ පවත්නා ක්‍රමයට විරුද්ධ වීමේ ලක්ෂණ ඉලිප්පෙමින් ඇත. එය වහා නැවතිය යුතුය. පුතුට කරදරයක් වනු ඇත. සැඟවූ ආයුධ සෙවීමට ගොස් පුතු මියැදෙනු ඇත.

බිය විය යුතු නැත. තිස්තුන් කෝටි දෙසීය විසිපහක් වූ දෙවි දේවතාවුන් අප රැකගනු ඇත.

බොන වතුර බිඳක සිට මීටර් අටසීයෙන් පහල වායුගෝලයම දේශපාලනය නොවන බවට පුතුට ඇඟවිය යුතුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

3 comments:

  1. පුතුට දෙවියන් යදින සැටි කියා දිය යුතුය.එවිට දෙවියන්ගෙන්ද පුතුට ආරක්ෂාව ලබාගතහැකිය.
    දෙවිලොව යන්න දෙවියෙකුම විය යුතු නැත.දෙවියෙකු ලගින් සිටීමෙන් පවා ඒ වාසනාව උදාකරන බව බව පුතුට තේරුම් කොට දියයුතුය
    දෙවියන් බදු දෙශපාලන උතුමන් දබර කරන්නේ චන්ඩි කම් කරන්නේ අප මහජනතාව වෙනුවෙන් බව ඔහුට තේරුම් කොට දිය යුතුය.
    පුතු පාලකයන ලග සිටීම කෙසේවෙතත් දේශපාලයෙකු උවහොත් මා පුතු පමණක් නොව හත් මුතු පරම්පරාවම සුගතියට ගෙන ගොස් ඔවුන්ගේ දුක නැති කලහැකි බව ඔහුට ඒත්තු ගැන්විය යුතුය.

    ReplyDelete
  2. මුචා,

    වායුගෝලයෙන් යට පමණක් නොවෙයි, එපිටත් ​දේශපාලනයට ලක්ව නැතැයි කිව හැකිද? හඳට රොකට් යවන්නේ කවුද? මේවා දේශපාලන ව්‍යාපෘති නෙවෙයි කියන්න පුලුවන්ද? ලෝකයට ඇමරිකාවේ ප්‍රතිරූපය පෙන්වීමට ගත් 60 දසකයේ දේශපාලන වෑයමකින් පසු හඳත් දේශපාලනීකරණයට ලක්ව ඇත.
    අසිරිමත් ද්වීපයේ නම් නිර්දේශපාලන සත්වයන් කීප දෙනෙකු සින්ඩිකේටර් කීපයක් පවත්වාගෙන යන බැවින් ඔවුන් හැර විශ්වයේ ඇති සියලු වස්තූන් න-දේපාලනීකරණයට ලක්ව ​නොමැති බව පුතුට කියා.

    ReplyDelete
  3. වැඩිකල් යන්නට නොගොස් මුචලින්දයටනම් සුදු කොඩි සුදු වෑන් පෙනෙනු නිසැකය.......... හික් හික් :p

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...