කොණ්ඩෙ ඉත්තැකූරු වගේ කෙලින් වුණ ප්‍රධාන රසායන විද්‍යාඥයා ලොක්ක ගාවටම දුවගෙන ආවා...
"බොස්... මේ පාරනං බිස්නස් නැගලම යනවා... ඉස්හොරි නැත්තටම නැති කරන සංයෝගෙ නියම අනුපාතෙටම හදාගත්තා... ටෙස්ටිං සීයට සීයක් සාර්ථකයි. අදම අළුත් ෂැම්පූ එකේ ප්‍රඩක්ෂන් පටන්ගමු."
කම්පැණියෙ ලොක්ක වැනිලා සුරුට්ටුවෙන් දුම් උගුරක් පිට කරල කළු කණ්නාඩි දෙක උඩින් බලල නැගිටල ඇවිත් අළුත් ඉස්හොරි මර්ධන සංයෝගෙ තිබුණ බීකරය අතට ගත්තා...
තමන්ගෙ ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානිගෙ මූණට සමච්චලේට හිනා වුණ ලොක්ක බීකරයේ තිබුණ දියර සේරම මල් පෝච්චියකට හැළුවා.
"අයිසෙ තමුසෙලට ගෙවන්නෙ ඉස්හොරි නැති කරන ෂැම්පු හදන්න නෙවෙයි. ඉස්හොරි පවත්වන ඒවයි හදන්න ඕන. නැත්තං කොහොමද ප්‍රඩක්ට් එක විකිණෙන්නේ...?"
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
සහතික ඇත්ත... උන් කරන්නෙම ඕකනේ...
ReplyDeleteහෙහෙහෙ.. මරු කතාව
ReplyDelete:D
ප්‍රශ්න නැති උනොත් කොහොමද ප්‍රශ්න වලට උත්තර හොයල දෙන අය ජීවත් වෙන්නෙ ... එල
ReplyDeleteනැතිකරන ප්‍රතිකර්මය පවතින්න නම් නැතිවිය යුත්ත නැතිනොකර ආරක්ෂා කරගන්න ඕනේ.
ReplyDeleteඉදිරිපත් කිරීම සුපිරියි.
කට්ට්යම තැංකූ... ඉතිං කවදාවත් ඔය ෂැම්පූ පාවිච්චි කරල ඉස්හොරි නැති කරගන්න පුළුවන් වෙයිද? ;-)
ReplyDeleteසිරා කතාව
ReplyDeleteඔය හැම මගුලම ඔහොම තමා.. :D
ReplyDelete