Tuesday, March 1, 2011

අභය දානය...

“ආ... කොහෙද මේ පෝය දවසෙ පාන්දරම?”
රවි මහත්තය සුපුරුදු හිනාවෙන් ඇහුවා...
“නිවාඩු දවසනේ... පොඩි ටුවර් එකක් දාන්න යනවා...”
“මාත් යනව මේ හන්දියෙ පන්සල පැත්තේ... අද උදේ ඉඳන් පිංකම්නේ..”
“හප්පා.... දැන් පංසලුත් යනවද?”
ආගමක් නොතිබුණ රවි මහත්තයගෙ කතාවට මම පුදුම වුණා...
“හපෝ නෑ... මම මේ පිං කරගන්න නෙවෙයි. මේ බැනර් හතරක් මදි වෙලා ඒව ප්‍රින්ට් කරල අරන් යනව. ලොකු හාමුදුරුවො ෂේප් එකේ තියාගන්න එපැයි”
රවි මහත්තය හිනා වෙවී අතේ තිබුණ බැනර් රෝලක් පෙන්නුව.
“ඒ මොකටද බැනර්?”
“අර සත්තු වත්තෙ හිටපු නාකි සිංහයො දෙන්නෙක් ගමට නිදහස් කරනවනේ... ඒකෙ බැනර්.... පොඩ්ඩක් පන්සල වටේ එල්ලන්න කියල”
“මොකක්? සිංහයෝ???”
“ඔව් ඔව්... සිංහයො තමයි... මේ තියෙන්නේ...”


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

5 comments:

  1. හුටා.....දුවපියවූ....

    ReplyDelete
  2. අප්පට සිරි ගජ, නැන්දට කජු මද කිව්වලු,

    එච්චරම තමයි අඩු වෙලා තිබ්බෙ, හොඳ කතාව,

    ReplyDelete
  3. පිංවන්ත සැදැහැවතුන්ට මෙන්න නියම අවස්ථාව..අහින්සක සිංහයාගේ කෑමවේල වෙලා තවත් පිං ගතහැකි

    ReplyDelete
  4. puduma pin wadakne harak madiwata sinhayo kiwwalu

    ReplyDelete
  5. නියම අයිඩියා එකක්නේ..
    එන වෙසක් එකට හිරගෙදර ඉන්න ඔක්කෝම අපරාදකාරයෝ ටික නිදහස් කොරන්න ඕනා....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...