Friday, March 25, 2011

 1-ජවනිකාව

මේකනං හැබෑම පුදුමයක්.
ලෝක විනාශය වෙන බවට පෙරනිමිත්තක්.
නෑ නෑ සක්විති රජකෙනෙක් පහළ වෙන බවට පෙරනිමිත්තක්.
මොකක්ද මොකක්ද ඔය කියන පුදුමෙ.
මෝල් ගහක දලු ඇවිල්ලලු.
කෝ කෝ යමු බලන්න.
එහෙම ආවට ගියාට බලන්න බැරිලු.
කලින් දිනයක් වෙන් කර ගන්න ඕනෙලු.
රුපියල් දහදාහයිලු.
කමක් නෑ යමු ඒ ගාණටත් වටිනවා.

2-ජවනිකාව

අනේ මහත්තයෝ අද මෝල්ගහ පෙන්නන්න විදිහක් නෑ.
එහෙම කොහොමද ?
අපි ටිකටුත් අරන් ආවෙ.
මේකනෙ මහත්තයො, පොඩි ප්‍රශ්නයක් වෙලා, ඒ මෝල්ගහ පිඹුරෙක් ගිලලා.
කෝ එතකොට පිඹුරා.
නාසා ඒකේ මහත්තුරු ඇවිල්ලා පිඹුරව අරන් ගියා හඳට යවන්න කියලා,
හඳේ ඉන්න හාවන්ව ජෛව පාලනයක්ද මොකක්දෝ කරන්න ඕනෙලු.
මේක ඇවිල්ලා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කූඨ කුමන්ත්‍රණයක්!

ලියා එව්වේ - මකර අධිරාජයා ( http://status-chanaka.blogspot.com/)

11 comments:

  1. හෙහෙහෙහෙ... :D
    නියම කතාව..!

    ReplyDelete
  2. @ Ansh Lucky Sri Jay , buwa

    ස්තූතියි. මේක ඇත්තම ඇත්ත කතාවක්

    ReplyDelete
  3. මට නම් පේන්නේ මකර අධිරාජ්‍යවාදියගේ කුමන්ත්‍රණයක් වගේ මේක

    ReplyDelete
  4. ඕක බලන්න ගිහින් අපිත් ඇන්දුනා ‍හොඳට. අපිත් එක්ක ගිය ඇඟ තියෙන අයියල ටිකක් එතන පෙරලන්න තරම් කෑ ගැහුවා. පස්සෙ එයාල එන්න ආවා. ආයෙ පෙන්නුවොත් කලීන්ම එවිත් පලන්ට ඕනෙ කියල ඉතාගෙන යෙපිත් යෙන්ට ආවා... :D

    ReplyDelete
  5. දැන් එතකොට ලෝක විනාශය වෙන වද? සක්විත්තෙක් පහල වෙනව ද?

    ReplyDelete
  6. @ තාරක Dilsh@n

    ෂ් ෂ්, කට කට
    ============
    @ hare :-)

    ඔය අහු වෙන්නෙ හොරෙන් හොරෙන් මෝල්ගස් පලන්න ගියපු කට්ටියව
    ============
    @ සොඳුරු සිත

    නෑ නෑ ඔය දෙකෙන් එකක්වත් නෙවෙයි වෙන්නෙ. ගෙඹි කුමාරයෙක් පහළ වෙන්නලු යන්නෙ

    ReplyDelete
  7. පිඹුරා නම් එදා වලව්වෙන් හොරකම් කරගන ගිය එකා වෙන්ට ඕනේ. දැන් ඊට විරුද්ධව අන්තර්ජාතික අධිකරනය ඉදිරියේ මකර අධිරාජයාට විරුද්ධව නඩුවක් වලව්ව මගින් ලඟදීම පැවරෙනු ඇති.

    ReplyDelete
  8. @ Podi Kumarihami

    අපෝ ඔයා හිතන් ඉන්නෙ පිඹුරො ඉන්නෙ ගරා වැටිච්ච වලවු වල විතරයි කියලද ?

    ReplyDelete
  9. තෝට පිස්සු මකරො.... හිකිස්... දෑන්හඳ ගිලලද මකරෙක් ???

    ReplyDelete
  10. කොහෙ බැලුවත් කුමන්ත්‍රණනේ බොලේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...