Tuesday, March 22, 2011

ඉගනීමේ අගේ

ඔයාට ඇයි මෙච්චර කියලත් තේරුම් ගන්නෙ නැත්තෙ ශාම
ආයෙත් පාරක් විභාගෙ කරන්න.ඇයි ඔයාට මේකෙ අගේ තේරෙන්නෙ නැත්තෙ
මම මොනව කරල හරි ඔයාට සල්ලි හොයල දෙන්නම්

ඔව් මම කිව්ව වගේම කුලීවැඩ කරල හරි ඔයාට පන්ති යන්න සල්ලි වියදම් කලා
මට ඒකෙ අමාරුවක් දැනුනෙ නෑ.ඒ අපි දෙන්නගෙ අනා‍ගතේ ස්ථාවර බව දැනෙනකොට

මට ඔයා ගැන පව් කියල හිතෙනව ධනුක
මට ගෙදර නවතින්න හිතෙනව

ඔයා එහෙම කියල කැම්පස් නොයා ඉන්න හැදුවෙ ඉගනීමෙ වටිනාකම තේරුම් නොගත්ත නිසා වෙන්න ඇති
ඒත් උපාධිය ඉවර වෙත්දි මටත් වැඩිය හොදට ඔයාට ඒක තේරුනු නිසා වෙන්න ඇති ඔයා ඉංජිනේරුවෙක්ම තෝරගත්තෙ

ඔයාට විතරක් නෙමෙයි
අද මටත් මම පව් කියල හිතෙනව

ලියා එව්වේ - සහෝධරයා
Enhanced by Zemanta

6 comments:

  1. උඹ තමා වැරැද්ද කරලා තියෙන්නේ... :D

    ReplyDelete
  2. ගොඩක් වෙලාවට කොල්ලට කැම්පස් යන්න බැරි වෙලා කෙල්ල විතරක් කැම්පස් ගියාම වෙන දෙයක්. මගෙත් යාළුවෙකුටත් ඔහොම උනා. හැබැයි එයා නම් කුලී වැඩ කලේ නැහැ, ඒ වෙනුවට කරපු රස්සාවෙන් සෑහෙන්න ගාණක් කෙල්ලට මාස් පතා යැවුව්වා. පස්සෙ කෙල්ල දොස්තර කෙනෙක් වෙලා, දොස්තර කෙනෙක්වම බැන්දා. හොඳම හරිය තියෙන්නෙ මෙයා බැඳපු දොස්තරත් එක්ක යාළුවෙලා තියෙන්නෙ කැම්පස් ගිය දවස්වලම තමයි. මගේ යාළුවා මේක දන්නෙ නැතිව එයාට දිගටම වියදම් කලා.

    ReplyDelete
  3. හ්හ්හ්හ්ම්ම්ම්...

    ReplyDelete
  4. ගොඩාක් අය කරන අශික්කිත ඩෙයක් තම ඔක. පව් අහින්සක කොල්ලො දුක් විදිනවා.

    ReplyDelete
  5. කතාව පට්ටෙටම ලියල තියනව. ඕක ගොඩක් සුලභ සිද්දියක්. මම ඔය වගේ කතා ගොඩක් අහල තියනව. ඔය වගේ ජරා කෙල්ලො ඉන්නව සහෝ. උන් බලන්නෙ කාවහරි රවට්ටගෙන තමන්ගෙ වැඩේ කරගන්න. ඒත් හැමෝම එහෙම නෑ.

    ReplyDelete
  6. මේක නම් නිතර සිද්ද වෙන දෙයක්... හොඳට ලියලා තියනවා...
    - සකි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...