Wednesday, March 16, 2011

හිතවත් අයැදුම්කරුව

හිතවත් අයැදුම්කරුව,

පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි

එවනලද අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව අප ආයතනය විසින් තීරණය කරනු ලැබුයේ ඔබ වෙත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමටයි. නමුදු දිගින් දිගටම ඔබ විසින් කරන්නට යෙදෙන විමසීම් හේතුවෙන් අප තීරණයට හේතුව මෙසේ දන්වා එවමු.

ඔබගේ නම ඇතුලත්කර, ගූගල් සෙවීම් යන්ත්‍රය මගින් බොහෝ තොරතුරු ලබාගත හැකිවිය. ඒවා උපයෝගී කරගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී ඔබ බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, ඔබගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග් අතර නිරතුරු දැකිය හැකිවීමද, ඔබ දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන තීරණාත්මක සාධක සළකා බැලීම අපගේ තීරණයට හේතුවිය.

ස්තුතියි,
මෙයට විශ්වාසී,
බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

22 comments:

  1. ඒකනම් ඇත්ත තමයි....... බස් එළවන්නයි...... බ්ලොග් ලියන්නයි.... ජොබ් කරන්නයි....... පුලුවන් කාටද ?.......

    ReplyDelete
  2. අපෝ එහෙම අය කොච්චර ඉන්නවද?

    ReplyDelete
  3. මේ ඉන්න ඔය ඔක්කොම කරන අය ඕන තරම්....

    ReplyDelete
  4. ඒක අසාධාරණයි! :P

    ReplyDelete
  5. මේක මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් !.

    ReplyDelete
  6. මං නම් ඉල්ලුම් කලේ නැහැ ඔව්වාට

    ReplyDelete
  7. ඔය ඔක්කොම කර කර රස්සාවත් කරන අය ඉන්නවා තමා. හැබැයි ඔය ඔක්කොම එකට කරන්න ගියාම ඔලුවටයි අමාරු. හැබැයි එහෙම නැති අයත් ඕනැරං ඉන්න පුලුවන්තමා

    ReplyDelete
  8. බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය,

    පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි.

    මාගේ නම ඇතුලත්කර, ගූගල් සෙවීම් යන්ත්‍රය මගින් බොහෝ තොරතුරු ලබාගෙන ඒවා උපයෝගී කරගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී මා බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, මාගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග් අතර නිරතුරු දැකිය හැකිවීමද, මා දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන තීරණාත්මක සාධක සළකා බලා මා වෙත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමට ගත් අදූරදර්ශී තීරණයට මා කණගාටු වෙමි.

    මාගේ කණගාටුව හුදෙක් මා ඉහත කී රැකියාව ගැන අනේකවිධ බලාපොරොත්තු පොදිබැද සිටීම නම් නොවන බව ඉඳුරාම ප්‍රකාශ කළ හැක. ෆේස්බුකියේ, ගූගල් බස් එකේ, බ්ලොග් අවකාශේ නිරතුරු රඟ පාමින් වුවත් අදාළ නියමිත සේවය 100% ක් සැපයීමට හපන් මා වැනි සේවකයෙක් ඔබ ආයතනයට නොලැබීම මාගේ අතිශය කණගාටුවට කාරණයයි.

    ස්තූතියි,
    මෙයට,
    ..........

    ReplyDelete
  9. අපි ඕවට දැම්මෙත් නෑ ..... දන්නෙත් නෑ .....

    ReplyDelete
  10. හුටා, මීට පස්සෙ ජොබ් එකක් හොයාගෙන ඉවරයි....!

    ReplyDelete
  11. බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය,

    පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි.

    හැම මොහොතක්ම ජිවත් වෙන මිනිස්සුන්ව තොපෙ මගුලට ඔබා ගන්න තොපිට පින නැහැ.
    භුතයො ටිකක් ඔබාගෙන ඔවර්ටයිම් පටන් ගනිල්ලකො.

    dumb boss + dumb employees = overtime

    ReplyDelete
  12. හික්....අපිට උපන් තේකට ජූබ් එකක් හොයන්න වෙන්නේ නෑ වගේ

    ReplyDelete
  13. ................. මහත්මිය,
    පරිගණක පද්ධති පරිපාලිකා,

    ඔබ විසින් කලමණාකාරිත්වය වෙත යොමු කරන ලද .........දිනැති ලිපිය හා බැඳේ.

    එයින් ඔබ කල පහත සඳහන් ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව කණගාටුවෙන් දැනුම් දෙමු.

    1. ඔබ වෙත නිකුත් කෙරෙන රාජකාරි උපදෙස් සියල්ල Face Book Messages ලෙස පමණක් එවීම.

    2. රාජකාරි කටයුතු පිළිබඳ දැනුම් දීම් ඔබගේ බ්ලොගයෙහි Comments ලෙස පමණක් ඇතුල් කිරීම.( වෙනත් වාචික හෝ ලිඛිත උපදෙස් කිසිවක් පිළිනොගන්නා බව ඔබ උක්ත ලිපියෙහි උදක්ම සඳහන් කොට ඇත.)

    3. හදිසි රාජකාරි කටයුතු සහ ගූගල් බස් ධාවනය අතිපිහිත ( Over lap ) වන අවස්ථාවලදී රාජකාරි කටයුතු සාමාන්‍ය කාර්යාල වේලාවෙන් අනතුරුව අවසන් කිරීම වෙනුවෙන් අතිකාල ප්‍රතිපාදන වෙන් කිරීම.

    4. ඔබ සමග රාජකාරිමය අන්තර් සබඳතා ( Inter action ) කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා ආයතනයේ ඉහල කළමනාකාරිත්වය වහාම Face book ගිණුම් විවෘත කිරීම.

    මේ පිළිබඳව ඔබගේ ප්‍රතිචාරයක් ඇත්නම් ලිපිය ලැබී දින තුනක් ඇතුලත ලිඛිතව දැනුම් දිය යුතුය.Face Bookහි කෙරෙන පළකිරීම් ප්‍රතිචාර ලෙස නොසැලකෙන බවද වැඩි දුරටත් දන්වා සිටිමි.


    ........................................
    කලමණාකාර කොටස්කරු,

    ReplyDelete
  14. බස් එකෙයි බ්ලොග්වලයි වෙස්මුහුණු දා-ගෙන ඉන්න කියන්නේ ඕකනේ...
    බොසත් එක්ක උනත් බස් පදින්න පුළුවන් . . :D

    ReplyDelete
  15. පරිපාලන කලමණාකාර තැන,
    මානව සම්පත් පරිපාලන අංශය,
    බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය

    පරිඝණක මෙහෙයුම් පරිපාලක තනතුර:

    මගේ පත්වීමෙන් ආයතනයේ තොරතුරු තාක්ෂණ සම්පත් අයථා ලෙස පාවිච්චි කරන අයට බලපෑමක් වේ යැයි ඇතිවී තියෙන සැකය නිසා ඔවුන්ගේ කුමන්ත්‍රනයකට මා භාජනය වී ඇති බව පෙනී යයි. මගේ අයදුම්පත නැවත සලකා බලන මෙන් ඉල්ලා සිටින්නෙමි.

    එසේ නොවුවහොත් පහත සඳහන් සංවිධාන හරහා මගේ අයිතිය වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න සිදුවෙන බව මින් දන්වා සිටිමි.
    1. බ්ලොග්කරුවන්ගේ සංගමය,
    2. බස් රියදුරන්ගේ සංගමය,
    3. ටින්කර් බාස්වරුන්ගේ (මූනත් තහඩු)සංගමය,
    4. බිත්තියේ ලියන්නන්ගේ සංගමය හා
    5. ටැග් හවුල

    තවද පරිඝණක වෘත්තිකයින්ගේ සංගමයක් ඇද්දැයි සොයාබලමින් ඉන්නා අතර ඒ හරහා සුදුසු පියවරක් ගන්න අදහස් කරන්නෙමි.

    මීට,
    විශ්වාසනීය
    අයදුම්කරු
    ......

    ප.ලි.
    ආයතනයේ තොරතුරු තාක්ෂණ සම්පත් නාස්තිය වලක්වාලීමට කටයුතු කරන්න ද ඉහළ ශ්‍රේණියේ තනතුරු දරන්නන්ට විශේෂ වරප්‍රසාද ක්‍රමයක් දියත් කරන්න ද බලාපොරොත්තුවෙමි.

    ReplyDelete
  16. අම්මපා මටත් ඔහොම කේස් සිරාවට උනානේ. මම වැඩ කරපු තැන බොසා මගේ සිංඩිය ඉල්ලුවනේ. මම බැහැ කිව්වා ජොබත් නැති උනා

    ReplyDelete
  17. අදහස් දැක්වූ ඔබ සැමට බොහොම ස්තුතියි. තවත් මේ වාගේ ලිපි ලියමින් කොමෙන්ට් දැක්වූ, තනෝජා, රවී, රවා සහ ඩීන් ඔබේ ලිපි තව ටික කලක් යන විට ඇත්තටම ලියැවෙන්නත් බැරි නැහැ. රවා මල්ලී, ඔයා කියන දේ ඇත්ත, අපි බොහොම දෙනෙක් හැම මොහොතකම ජීවත් වෙනවා මේ මිතුරු හවුල් නිසා, ඒත් ඒ ජීවත්වීම අපි එකිනෙකා සේවය කරන කන්තෝරු වලට කොයිතරම් දුරට හොඳ වෙයිද මන්දා.
    නොම්බරේගේ වෙස්මුහුණේ යටි අරුතත් මේකමද? :)
    (දැන්නං ඉතිං ඒකත් ගැලවිලානේ නේද?)

    ReplyDelete
  18. මරණය ඉල්ලුම් කරලාද තනතුරට..?? :D

    ReplyDelete
  19. මරණය ඉල්ලුම් කලාට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අන්ශ්. ඇත්ත නම සර්ච් කලා කියලා මෙතැන ගසන බඩ පිණුම් පෙන්නුම් කරන්නේ නැහැ නොවැ. :D

    ReplyDelete
  20. මට නම් අවුලක් නැ මගෙ නම අපේ බොස් දන්නේ නෑ

    ReplyDelete
  21. හෆොයි. අපි නං ඔෆිස් වෙලාවෙ ඕව්වට නැහැ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...