Thursday, October 28, 2010

ආදරණීය මෙරුවා!!!!!!!!!

අනේ පව්!!!

ඇති යාන්තම් දැන්වත් තේරුණා

මොකද්ද?

ඒක...

ඒක කිව්වේ............?

ඒක කිව්වේ, මං පව් කියන එක

ඔයාට වැරදිලා........

මට වැරදිලා?........ ඇයි?

ඔයාට නෙමෙයි පව් කිව්වෙ.

එහෙනම්?

අර මෙරුවාට.....‍

මොනවා........ මෙරුවෙක්ට?

බලන්නකෝ ඒ සතා විඳින දුක තටු දෙකම
වතුර බිංදුවේ ඇලිලා.
අනේ ඌව බේරන්නකෝ..........

මට බැහැ!!!!!

බැහැ?

ඔව් බැහැ තමයි

එහෙනම් අයින් වෙන්න මං බේරන්නම්.
නැත්තම් ඉක්මනටම ඌ මැරේවි.

මැරිද්දෙන්!!!

නපුරා!!!

අනේ ඇත්තට ඔයාට නම් පිස්සු.
ඔයා බේරුවත් නැතත් තව මිනිත්තු පහක් හයක් ඇතුලත
ඔය සතා අනිවාර්යයෙන් මැරෙනවා.
මට දුක මෙච්චර වෙලා මං කියාපු ඒවා නෙමෙයි
අහගෙන ඉඳලා තියෙන්නේ, මැරෙන්න දඟලන
මෙරුවෙක් ගැන හිත හිතා ඉඳලා.

අනේ පව්!

මෙරුවාද?

නැහැ... ඔයා!


ලියා එව්වේ - RanDil (http://ranrandil.blogspot.com/)

12 comments:

  1. මරුම මරු කතාවක්.. ඇත්තම ඇත්තයි... ලස්සනම ලස්සනයි..

    ReplyDelete
  2. මෙහෙමද?

    "ඇයි අර පව් කිව්වෙ?"

    "කවුද?"

    "ඔයා"

    "කාටද?"

    "මට"

    "කොයි වෙලාවෙද?"

    "අන්තිමට"

    "අපි හැමෝම මෙරුවොනෙ, ප්‍රශ්න වල ඇලිල තටු ගගහ ඉඳල අපිත් කවදක හරි මැරිල යනවනෙ,"

    "ඇත්ත, අපි පව්"

    නැත්නම් මෙහෙමද?

    "ඇයි අර පව් කිව්වෙ?"

    "කවුද?"

    "ඔයා"

    "කාටද?"

    "මට"

    "කොයි වෙලාවෙද?"

    "අන්තිමට"

    "ඔයා මා ලඟට වෙලා කියන දේ අහගෙන ඉන්නෙ නැතුව මම මෙරුවෙක් ගැන හිතනව, ඒත් ඔයා මා ලඟම ඉන්නව ඒකයි,"

    "ඇත්ත, මම පව්"

    ReplyDelete
  3. @ රවී,
    මම අදහස් කලේ පළමු ආකාරයයි. දෙවැන්නත් අගනා අදහසකි

    ReplyDelete
  4. ​ෆ්හු.... එල එල... අපිත් මෙරුවොද?

    ReplyDelete
  5. සිරා ඈ...

    කොහොමත් ගෑණු ළමයි අපි කියන ඒව නෙවෙයි තමයි අහගෙන ඉන්නේ...

    ගේ ඇතුලෙ ප්‍රරස්න ගානක් තියාගෙන ලෝකෙම තියෙන ප්‍රශ්ණ වලට උත්තර හොයන ගෑණු මිනිස්සු ඔය ඕන තරම් ඉන්නේ.... :D රවිගෙ අවසානයන් දෙකත් මරු!

    ReplyDelete
  6. එලම එල... ඇත්තටම ලස්සනයි....

    ReplyDelete
  7. අපි මෙච්චර අසරණ ද?අන්තිමට අපි සේරම මෙරුවෝ

    ReplyDelete
  8. පව් කියන්නේ අපි ඔක්කොම.... සීයට වෙනසක්...

    ReplyDelete
  9. සිරාවටම ව‍ගේ මරු මේක නම්..!!!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...