Tuesday, October 26, 2010

කශාධය

 අම්මයි තාත්තයි මාව වැළඳගෙන මට සමු දුන්නෙ ඇස්වල කඳුළු පුරවගෙන. එයාල ජීවිත කාලයක් උස් මහත් කරපු මම අද එයාලගෙන් සමු ගන්නව මමවත් නොදන්න මගේම ලෝකෙකට.
...
අපි ඉක්මනින්ම දරු පැටියෙක් හදමු කියන මතේ හිටපු එයාට විරුද්ධ වෙන්න මට ඕන වුණේ නෑ... එයා මොනවගේ මිනිහෙක්ද කියලවත් දැනගන්න කලින් මම අම්ම කෙනෙක් වෙන්න සුදුසුකම් ලබල.
...
කඳුළු පිරුණ ඇසුයි කම්මුලේ රතු වුණ පැල්ලමයි එක්ක කණ්නාඩියෙන් මාවම දැකල මාස කීපයකට මම වෙනස් වෙලා තියෙන විධිය අදහගන්න බැරි වුණා මට.
දරුවෙක් ලැබෙන්න නොහිටිය නම් මට දමල ගහල යන්න තිබුණ. දරුව ඉපදුණාම තත්ත්වෙ වෙනස් වුණොත් මිස මම ජීවිත කාලෙම මේ මිනිහත් එක්ක පවුල් කන්නෙ කොහොමද...?

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

10 comments:

  1. ලමයි කියන්නේ කසාදය රැකලා දෙන කඹයක්ද??
    එතකොට උපත්පාලනය ඇවිල්ලා එක්තරා විදිහක එකිනෙකා අවබෝධ කරගැනීමට තිබෙන කාලය වැඩි කරගැනිමේ උපක්‍රමයක් :-)

    ReplyDelete
  2. කසාදෙත් හරියට කසායක් වගේ...

    ReplyDelete
  3. විවාහය ජීවිතය හා ආදරය

    ReplyDelete
  4. ලංකාව තුල තියෙන පොදු අවුලක් වචන සීයකට ගෙනල්ලා මරු මරු.. කසාදය කියන එක කොලයක අත්සන් කරනවාට වඩා වැඩි දෙයක් කියලා ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්න‍ තව කොච්චර කල් යයිද මන්දා. කොටින්ම ලංකාවේ බඳින කපල් වලින් සි‍යේට දහයකට ‍වඩා‍ කසාදය කියන්නේ මොන‍‍වගේ එකක්ද කියලවත් දන්නේ නෑ.. කොටින්ම ලිංගිකව එක්වීම පවා සිද්ද වෙන්නේ ඊට පස්සේ. කෝකටත් ලංකාව ඇතුලේ පවතින සමාජ තත්තවය උඩ ඒකට වෙනස් විදිහක් අනුගමනය කරන්නත් අමාරුයි. පස්සේ එතනින් සහ තවත් ඇතිවන නොගැලපීම් උඩ දෙන්නා රැඳිලා පවතින්නේ එක්කෝ කසාද සහතිකයෙක් නැත්නම් ලමයෙක් හින්දා.. මරු සටහන හරේෂ්...

    ReplyDelete
  5. මරු කියන්නේ උපරිමයි.. මේ වගේ අය ගොඩක් ඇත්ත සමාජයේ හැංගිලා ඉන්නවා.. ඒත් ඒ අය අසරණයි.. පොදුවේ ලෝකය කොයි තරම් ඉස්සරහට ගියත් අපේ කොදෙව් මානසිකත්වයේ සංස්කෘතික සදාචාර ගෝත්‍රයේ මිනිස්සු පරණ මති මතාන්දර ඈත් කරන්න තවම මිනිස්සු ලෑස්ති මදි.. ඒකෙන් විශේෂයෙන්ම ගෑණු සත්වයා ඉන්නේ හුඟක් පිටිපස්සෙන්...! දුකයි..!

    ReplyDelete
  6. වචන සීයක් අස්සේ හිර උනාට නොකිය උනු බොහො දේ හිතන්නත් ඉඩ සලසලා.
    මේ සම්බන්ධයෙන් ආගා කියල තියෙන දේ එක්ක මට කියන්න දේවල් තියෙනවා. එහෙම වෙනස් කරන්න අමාරුයි කියලා බෑ මේ දේවල් අපි අපි හරි වෙනස් කරගන්න ඕනේ. මතකනේ අපේ මේවා ගැන කතා කලා. මම නම් හිතන්නේ තාම අපේ බොහෝ අය ප්‍රාථමික යුගයේ වගේ. (සමහරවිට සමහර අයට අපිව එහෙම පේන්නත් පුළුවන්.)

    ReplyDelete
  7. සියළු දෙනාට ස්තූති වේවා!

    බොහෝ දෙනාට ළමයි කියන්නෙ එහෙම සාධකයක් නේ.. ළමයි ගැන එහෙම ‍නොහිතන කපල් එකක කතාව මේන් මෙතන තිබුණා... උපත් පාලනේ බැලුවම එහෙමත් එකක් තමයි... ඒ ගැන ඔය අදහස ඔය උපත්පාලන ඇඩ් එකක් හෙම ලියද්දි සඳුනට වටිනවා... :D

    විවාහය ජීවිතය හා ආදරය ළමයි සහ දික් කසාදෙ එක්ක බැලුවම කසාදෙ කසාය තරම් තිත්තයිද?

    ආගා කියන තත්ත්වෙ තමයි ලංකාවෙ ගොඩක් තැන් වල තියෙන්නේ.. මේක වෙනස් වෙන බවක් පේනවා තව පරම්පරා කීපයක් යද්දි... හැබැයි අර ඊනියා කියන සඟුස්කුරුතියයි subයත්වයයි එක්ක ඔය වෙනස වෙත සමාජය යන්නෙ මාර හෙමින්...

    මලී‍ කියල තියෙන එකනං මට තේරෙන්නෙ නෑ ඕං...

    ඉල් මුන්දො අක්කෙ ඔයා එහෙනම් හෙන චාටර් පොරක්ව කශාධ බැඳල ළමයි දුසිමක් විතර හදල ‍දික් කසාදත් වෙලා මේක වෙනස් කරන්න පෙරමුණ ගන්ඩ... අපිත් ඉන්නව උදව්වට! තරහ නෑනෙ කිව්වට... ;-)

    ReplyDelete
  8. hell u misread me. i will reply asap (once i free from my babysitting duty)

    ReplyDelete
  9. @ මුන්දෝ - නෑනෑ මට තේරුණ කියපු එක... ඒත ඔයාම කියන්නකෝ බලන්න ඔයා හිතන දේ....

    ReplyDelete
  10. මම උත්තරයක් දෙනවා කියල ගියාට දවසටම වැඩ ඉවර උනේ මේ පොඩිඩක් කලින්.
    මම හිතන්නේ මේ වගේ දෙයක් උන පමනින්ම තමන්ට නොගැලපෙන කෙනෙක්ක්ව කසාද බදින්නම ඕනෙද.... (එහෙම නම් ඒවා හිතන්න තිබ්බේ කලින් නේ) ඊයෙ පෙරේදා අඳුනගත්ත කෙනා විතරක් නෙමෙයි අවුරුදු ගානක් තිස්සේ ආදරේන් බැඳිලා හිටපු අය උනත් විවාහයකින් පස්සෙ වෙනස් වෙන්න පුලුවන්. ඒත් එහෙම දෙයක් උනා කියලා අපි අපේ ජීවිතේ උගස් කරලා කිසිම ආදරයක් විස්වාසයක් නැති මිනිහෙක්ව කසාද බඳිනවට වඩා වෙන විකල්පයක් අපිට ඇත්තෙම නැද්ද? මම වගේ නම් ළමයි දහයක් එක්ක උනත් ඔයිට වඩා වෙනස් දෙයක් කරයි. මිනිසෙක් හා ගැහැනියක් අතර ලිංගික එක්වීමක් සිදු වූ පමණින් බදින්න ඕනේ කියලා නියමයක් නෑ. ඒ වගේමයි ළමෙක් එක්ක උනත්. ඇයි අපිට බැරි වෙනම ඉඳන් ඔය ළමයා හදා ගන්න අම්මයි තාත්තටයි. එහෙම නැත්නම් තව ඕනෙ තරම් විකල්ප තියෙනවද?
    මට හිතෙන්නේ අපේ රටේ ඕවා මහා අමුතු දේවල් උනාට මම වගේ කෙනෙක් නම් ආත්ම ගානක් ආදරේ කරපු මිනිහාවත් බඳින එකක් නෑ මට ආදරේ හොයාගන්න නොලැබුනොත් එයාගෙන්.
    කොටින්ම කසාද කසායක් වෙනවට නම් මම කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...