Saturday, October 23, 2010

කුරුලු පිහාටු ආදරේ

කුරුලු පිහා‍ටුවක් වගෙ නේද වාසනාවන්ත ආදරේ..? ඕනාවට වඩා සංවේදී වෙන වෙලාවකට නම් ප්ලාස්ටරයක් වගේ..එහෙම දවසක් මම කිව්ව නේද?..

කුරුලු පිහාට්ටක් වගෙ සුන්දර ආලයක් ලැබුනම කියමුකෝ.. අනේ ඔය සුමුදු පිහා‍ටුව මිටට ගුලි කරගන්න එපා..මිට දිගෑරලා බලද්දි ඒක පුලුන් ගුලියක් විතරක්ම වේවි.. හෙමීට ඇඟිලි තුඩෙන් දවට ගත්තම ඔය පිහා‍ටුව ඔයාව දාල කොහෙවත් යන්නෙ නෑ.

හැබැයි ඉතින්, එහෙම කියල කොහෙන්දෝ පාවෙලා ඇවිත් ඇඟේ දැව‍ටුනා වගේ,ජීවිතේට බරක් නොවෙන පිහා‍ටුවට දිහාවත් නොබලා අහක බලන් ඉන්නද යන්නෙ?

බලාගෙනයි....පුංචි හුලඟකටත් ලේසියෙන්ම ගසාගෙන යාවි. ඔය ලස්සන කුරුලු පිහා‍ටුව ඒ තරම්ම සැහැල්ලුයි...ඒ තරම්ම මටසිලි‍ටුයි. ඒත් 'කුරුලු පිහා‍ටුවක්' තරම්ම බරයි.ඒ බර වගෙම සැහැල්ලුවත් එක වගෙම සුන්දරයි.
ආදරේ ඒ වගෙයි...

ලියා එව්වේ - ජීවිතේ මල් (http://sansaare.blogspot.com)

6 comments:

  1. ලස්සනට ලියලා.... නියමයි

    ReplyDelete
  2. මදෑ.... එකෙක් කියනවා ආදරේ කිසිම තේරුමක් නැති වචනයක්ලු... මෙයා කියනවා ඒක පිහාටුවක් වගේලු... ‍සීයෙ කතා පීරලා බැලුවම එක එක්කෙනා එක එක කතා ආදරේ ගැන කියල තියෙනව... කාටවත් ආදරේ ගැන එක තැනකට එන්න බෑ වගෙයි... ඉතිං ආදරේ ඒකම තමයි... කාටවත් එක විධියකට දැනෙන්නෙ නැති අතිශය පුද්ගලික හැඟීමක් නේ...

    මේ සටහන කියවද්දි මට මතක් වුණේ Forrest Gump චිත්‍රපටිය... ඒකෙ ප්‍රධාන චරිතය සංකේතවත් කරන්නෙ පිහාටුවක් වගේ සැහැල්ලු මනුස්සයෙක්ට! ඔය කියන විධියට පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඒත් හුළඟක් නැති වෙලාවට බිමට පාත් වෙන්න තරම් බරින් යුක්ත මනුස්සයෙක්...

    ReplyDelete
  3. ඈත්තටම forrest gump අපූරු නිර්මාණයක්. නෑවත නෑවත බෑලිය හෑකි :)
    ආදරේ එක එක්කෙනාට දෑයෙන විදි කීපයක් එකට ගෙන බෑලුවොත් ඔය නිර්වචන හෑමෙකකින්ම කියවෙන්නෙ සොඳුරු උපමාවල්... ඒ තරම්ම ආදරේ විවිධයි ... නේද?

    ReplyDelete
  4. මටනම් කවදාවත් ආදරේ ඒ තරම් සැහැල්ලුවට දැනිලා නැහැ තනියම ඉන්නකොට දැනෙන සැහැල්ලුව ආදරෙත් එක්ක නැති වෙලා ගිහින් මහා බරක් දැනෙන්න ගන්නවා ඊට පස්සේ :)

    ReplyDelete
  5. මේ කාට හරි පුළුවන් නම් පිහාටුවක් වගේ සැහැල්ලු ආදරේ තියෙන තැන අපිටත් කියන්නකෝ...

    සැහැල්ලුයි කියන්න තරම් අත්දැකීම් නම් මටත් නෑ. ඒක හින්දා තනියම ආදරේ විඳින්න තමයි මම නම් කැමති.

    ReplyDelete
  6. අනේ මන්දා.. මටත් නම් ආදරේට නිර්වචන දෙන්න තේරෙන්නේ නැහැ.. පිහාටු කෙසේ වෙතත් සැහැල්ලුවට වගේම මහාමේරුව වගේ බරටත්.. වෙලාවකට ලොකූ නිදහසක් වගේම වෙලාවකට මහා වදයක‍් වෙනත් මගේ ආදර අත්දැකීම් ගත්තම.. මම කැමති මගේ ආදරේ යාළුකමක් විතරක් කරලා තියාගන්න.. මොකද ඕකට ආදරේ කියන ලේබල් එක විතරක් ඇලෙව්වම අපෙන් බලාපොරොත්තු වෙන දේ වගේම අපි බලාපොරොතු වෙන දේත් මහ අපබ්‍රංසයක්.. ඒ නිසා මම හැම වෙලේම අළුත් විදියේ ආදරයක් හොයනවා.. ඒක මට දැනෙන විදි විවිධයි.. වෙලාවෙන් වෙලාවට.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...