Friday, October 22, 2010

ආ.ද.ර.ය.

“ආ.ද.ර.ය.” තේරුමක් නැති අකුරු හතරක්. මම කියන දේට කීදෙනෙක් එකඟ වෙයිද දන්නෑ. අපිට ඕනම වචනයක් ඇහුවම මතක්වෙන වස්තුවක් හෝ ක්‍රියාවක් තියනවා. නමුත් ආදරය කියන වචනයට එහෙම මතක්වෙන වස්තුවක් තියනවද.? කවුරුහරි කිව්වොත් මට මතක්වෙන කෙනෙක් ඉන්නව කියලා ඒ මතක්වෙන කෙනාටත් නමක් තියනවා නේද.? එයාට අපි විශේෂයෙන් "ආදරය" කියලා කියන්නෑනේ. ඒක නිසයි මම කිව්වේ ආදරය කියන්නෙ වචනයක් නෙවෙයි කියලා. ඒක හැඟීමක්. අපිට තේරුම් කරන්න බැරි හැඟීමකට අපි වචනයක් දාල තියනවා ආදරය කියලා. නමුත් ඒ වචනෙ පස්සේ ගිහින් කී දෙනෙක් අතරමං වෙනවද. ඒනිසා වචනේ පස්සෙ යන්නෙපා. හැඟීම පස්සේ යන්න. හැඟීම තේරුම් අරන් ආදරය කරන්න. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දර දෙයක් වේවි.

ලියා එවුවේ - සජිත් රූපසිංහ

1 comment:

  1. එක එක්කෙනාට ආදරේ කියන එක දැණෙන විධියෙ වෙනස්කම් තියෙන්න පුළුවන්! ඒ නිසාම ඒ ඒ මනුස්සය ආදරේ කියන එක තේරුම්ගන්නෙ වෙනස් විධියකට වෙන්න පුළුවන්. මොනව වුණත් අපි යමක් හඳුන්වන වචනය හැමවෙලේම ඒ දෙය හඳුන්වන්න යොදවන්න බෑ. මේසයට මේසය, පුටුවට පුටුව වගේ වෙනස් නොවෙන වස්තු වලට හරියටම නමක් දෙන්න පුළුවන් වුණාට හැඟීමකට නමක් දෙන්න අමාරුයි නේද? මොකද හැඟීම් කියන ඒව සුපිරිසිදුව පෙරිල pure 100% එකම හැඟීමක් විධියට දැණෙන්නෙ නැති නිසා...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...