Friday, October 15, 2010

හිස් තැනක්..

හිස් තැනක් පුරව ගන්න ගැහැණියක් සහ පිරිමියෙක්!

ඕන නම් නිල් අහස පසුබිමෙන්. හමා යන සුළඟක්? ඔව් කෙහෙරැලි කරකවාගෙන යන...

"අපිට තව ඕන තරම් කාලය තියෙනවා සුදු ඔයා ඔය තරම් කල්පනා කරන්න එපා..."

"මම කල්පනා කරනවා නොවෙයි. මට දුකයි ඔයා ගැන..."

"ඒත්... මේවා දෙයියන්ගේ කැමැත්ත..."

"ඔව් එහෙම හිතමු. ඒත් ... ඔයා කවදාවත් දැනං හිටියේ නැහැ නේද මට මේ ව‍ගේ දෙයක් වෙයි කියලා?"

"එහෙම දේවල් දැන ගන්න ඕනත් නැහැ. මම ඔයාට ආදරෙයි. ඒ දේ විතරයි මම දැනං හිටියේ..."

"මට ඔයා ගැන දුකයි..."

"ඉතිං දුක් වෙන්න එපා. මට මුලු ලෝකෙටත් වඩා ඔයා වටිනවා..."

"ඔයා මාව කවදාවත් දාලා යන්නේ නැහැ නේද?"

"නැහැ. කවදාවත් නැහැ."

ලියා එව්වේ - ලලීන්ද්‍ර පෙරේරා

4 comments:

  1. හිස් තැනක් පුරව ගන්න ගැහැණියක් සහ පිරිමියෙක්!

    ආදරේ කරල මේ හිස්තැන් පුරවගෙන වෙනස ශුන්‍ය වුණාම තමයි කේස්... ඒ නිසා හිස් තැන් ඔන්න ඔහේ තිබුණට කමක් නැද්ද මන්දා...

    ReplyDelete
  2. ඇත්තටම ගැහැනියෙක් නැතිව ඔය හිස් තැන පුරවගන්න විදිහක් තිබ්බ්බනම් මීට වඩා ගොඩක් ප්‍රස්න අඩු වෙන්න තිබුනා..

    ReplyDelete
  3. හිස්තැන් හිස්තැන් විදියට තිබ්බත් පිරිලා වගේ දකින්න පුරුදු ‍වෙන්න පුරුදු උනාම දෙන්නටම සතුටින් ඉන්න පුළුවන් වෙයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...