Saturday, October 9, 2010

මග බලාසිටීම....

ගිනි මද්දහනේ කර වෙවී ඉදල
දැන් හවස් වෙන්නත් කිට්ටු වෙලා
දවල් 1.30 ඉදන් තාමත් මෙතෙන්ට වෙලා ඉන්නේ
දවසක් වත් නොදැක ඉන්න බැරි ඔය මූන බලන්න කියලා ඔය හිතට නිකමටවත් හිතෙන්නේ නැද්ද?

දැන් වෙලාව 5.45යි. මේ වෙලාවට නාමල්ගේ සිංදු කෑලිත් මතක් වෙනවා.
මොන මගුලක්ද මදුරුවොත් කනවා....

අද පන්ති යනවා කියලා කිව්වෙත් නැහැ...
වෙනදාට මේ වෙලාව වෙද්දී ගෙදර ගිහින් තුන් හතර පාරක් කෝලුත් කරලා, ඒත් අද මොනවා වෙලාද?

අම්මට සිරි මෙන්න කියන කොටම කෝල් එකක්....

කොහෙද ඉන්නේ...? දැන් වෙලාව කීයද? ඇයි පරක්කු?

ආ අම්මා එක්ක එද්දී අම්මව ඇක්සිඩන්ට් වුනා?
4වැනි වාට්ටුවේ?

ඇයි දෙයියනේ කලින් නොකිව්වේ?
කලින් කිව්වනම් දැන් ඇවිල්ලනේ... ඉන්න මං එන්නම්.

ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න(http://prasanna86k.wordpress.com/)

2 comments:

  1. මේක නම් මාර සීන් එකක් තමයි ඇත්තටම. සමහර වෙලාවට අපිට යමෙක් බලාපොරොත්තුවෙන් ඉදිදි ඒ දේ නොවෙනකොට අදාල මනුස්සයට බැන බැන හිටියට ඇත්තටම ඒ පුද්ගලයට එන්න බැරි වෙන්නෙ ගැටළුවක් නිසා... එහෙම වුණාම මාර අප්සෙට්...

    ගොඩක් වෙලාවට අපි වැරැද්ද අනුන් මත දාන්න බලාගෙන ඉන්න නිසා තමයි අපට එහෙම හිතෙන්නේ...

    ReplyDelete
  2. අම්ම ඇක්සිඩන්ට් උනත් එන්න??????

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...