Friday, October 8, 2010

නික්ම යෑම

මම ඔයා දිහා බලන් හිටියා. ඔයා පොඩි එකෙක් වගේ නවත්තන්න බැරි රළත් එක්ක පොර බැදුවා..
“ඔයා හැමදාම ආදරේ කලේ නොලැබෙන දේවල් වලට”
මට එහෙම කියන්න හිතුනත් මං එහෙම නොකීවේ ඔයාට රිද්දන්න බැරි හින්දයි........
රළත් එක්ක ඔට්ටු වෙලා මහන්සි වුන ඔයා මං ලගට ආවා...
“අපි අයිස් ක්‍රිම් කමුද?”
මම “හා අපි කමු” කියන්නත් කලින් ඔයා අයිස් ක්‍රිම් ගේන්න දිව්වා... ඔයා ඇතට යනවා දකිද්දී මගේ හිත ගැස්සුනා...
මම ඔයාව දාලා යනවා...
කදුළු කැටයක් මට ඔයාව නොපෙන්වන්න උත්සහයක් ගත්තා...
කෑගහලා අඩන්න හිතුනත් කදුළු වලට එන්න නොදී හිර කරගත්තා....
මම ඔයාව දාලා එන්න හැරුනේ
ඔය ඇස් ඉස්සරහ ඉදන් ඔයාව දාලා යනවා කියන්න බැරි නිසා..

ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com)

3 comments:

  1. ඇයි දෙයියනේ කියන්නේ නැතුවම ගියේ...

    එයා හිතන්න ඇති මට දරාගන්න පුළුවන් වෙයි කියලා, ඒත් බැරිනම්... එපා නිසානේ ගියේ... ආයෙ එන්න එපා, මේ තරම් වෙලා දෙන්නම එක්ක පොර බදපු රළ අතරේ, දැන් මම තනියම පොර බදන්නම්... ආයේ නොඑන්නනම.

    සිරා වචන සීයක්... සුපිරි.

    ReplyDelete
  2. ඇත්තටම සුපිරි... හැම වෙලේම අපිට ඇත්තටම ඕන කරන දේ කරන්න බෑ තමයි...

    ReplyDelete
  3. මේක නම් පට්ට..!!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...