Friday, March 11, 2011

මායි - හිතයි

"දුක දැනුන හිත සනසන්නට කවුරුත් නැත්නම්
පුන්චි කදුලු බිදුවක දුක දිය කරලා අරින එකේ වරද නෑනෙ"

ඒත් එහෙම කරන්නේ කෝමද?

එහෙම කරන්න බැරිනම් කරන්න තියෙන්නේ ඉතින්,
අතපය රිදෙනකන් මොනාහරි කරගන්න තමයි

දැන් එහෙම කලොත් හරියයිද?

ඒක ඉතින් මම දන්නේ නෑ...
එහෙම කරන්නත් බැරිනම් ඇස් දෙක වහගෙන,
සද්දේ වැඩී කරලා සින්දුවක් අහන්න..

ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට කරදරයිනෙ..

ඒකට උඹ මොනා කරන්නද?
හිත රිද්දුවෙත් අනිත් මිනිස්සුමනම්
උඹ මොකටද උන් ගැන හිතන්නේ

ඒකත් ඇත්ත තමයි නේ..?

එහෙනම් ඉතින් මම කියපු විදිහට කරපන්
උඹ කැමති දෙයක්

මට බෑ බං ඒ හිත රිද්දන්න

එහෙනම් ඕන මගුලක් කර ගනු
මම යනවා

-මායි හිතයි අතර උන සාකච්චාවක්-


ලියා එව්වේ - MaRLaN (http://wenasak.blogspot.com/)

5 comments:

  1. වෙන මොන හිතක් රිද්දුවත්, කොහොමද ඒ හිත රිද්දන්නෙ?

    ReplyDelete
  2. @ ansh- මොනාද නියම?

    ReplyDelete
  3. මෙවැනි සංවාද කොතෙකුත් ඇති වී තිබුනත්...
    අන්තිමට වෙන්නේ "මම" කැමති දේ...
    "හිත" සමඟ එකඟ වුනත්,
    ක්‍රියාත්මක වෙන්නෙ "මම" කැමති දේ...
    වැරදුනාට පස්සේ හොඳටම බැණින්නෙත්,වින්ඳවන්නෙත් ඒ හිත...
    ඒ වෙලාවට "මම" කියන්නේ අදූරදර්ශී නිවටයෙක්...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...