Wednesday, March 9, 2011

ජීවිතය

පෙරවදනක් නැති.....

උදෑසන මීදුමෙන් වැසුනු පරිසරය ටිකින් ටික ආලෝකමත් වෙද්දි පිපෙන්නට ලන් වෙච්ච මල් පොහොට්ටුවල තැවරුනු පිනිකැට, හාත් පස පැතිරිරුනු මල් සුවඳ, කුරුල්ලන්නගෙ කිචි බිචිය පරිසරය තවත් සුන්දර කලා. බිම ඇතිරුණු තනපත් මත වැටුනු සීතල පිනි බිංදු දෙපයට සුවයක් ගෙන දුන්නා. එකපාරටම සේපාලික ගහේ වහල හිටපු ලස්සන කුරුල්ලෙක් ඈතට පියාඹලා ගියා.

අප පෙම් පුරාවතට.....

ඉදිරියටම ඇවිදන් ඇවිත් වැටුනේ ගල් බොරළු මතු උනු කැඩිච්ච රළු තාරපාරකට. දුවිලි පිරිලා, හැම තැනම කළු දුම්, අවුවට මැලවුනු ගස් වැල්, උදෑසන සිසිලස වෙනුවට ගතට ගෙන දුන්නේ පීඩාවක්. මම ඒ රළු දුෂ්කර රත්වුනු තාරපාර දිගේ තාමත් ඇවිදන් යනවා අරමුණක් නැතුව.....

මට කුමටද තව පසු වදනක් ඔබගෙන්..........

ලියා එව්වේ - (http://magemaranaya.blogspot.com)

11 comments:

  1. මේක නියමයිනේ මරණය..!
    :D

    ReplyDelete
  2. හතර සැරයක් කියවලා තමා තේරුම් ගත්තේ... :D

    ReplyDelete
  3. මොනාද බන් තේරුම් ගත්තේ මට තාම තේරුණේ නැහැ මොකටද පසුවදනක් කියලා..

    ReplyDelete
  4. අද කියෙව්වා...හෙට තේරේවි වගේ...

    ReplyDelete
  5. පෙරවදනක් නැති.....
    අප පෙම් පුරාවතට.....
    මට කුමටද තව පසු වදනක් ඔබගෙන්..........

    අනේ මන්දා... කාට කියනවද කියලා... :)

    ReplyDelete
  6. ආදරෙන් වෙන් වුන ජීවිතය ගෙන යන හැටිද කියන්නේ?

    ReplyDelete
  7. යකෝ මෙච්චර සරල දේ වැල් වටාරම් ගහලා තේරෙන්නේ නැති කරලා. මම තුන් පාරක් කියෙව්වා. මරේ උඹ කියන්න හැදුවේ මේක නේද?

    පෙරවදනක් නැති.....
    අප පෙම් පුරාවතට.....
    මට කුමටද තව පසු වදනක් ඔබගෙන්..........

    ReplyDelete
  8. ස්තූතියි හමෝටම
    උදැසන තියෙන සොඳුරු බවත්, දවල්ට තියෙන රළු බවත් අතීතය සහ වර්තමානය එක්ක සසඳන්න කියලා බලුවේ. පුළුවත් තරම තමා ඉතින් ඔය:-)

    ReplyDelete
  9. කතාවනං මට පොඩ්ඩක්වත් තේරුණේ නෑ... සින්දුව නම් සුපිරිම එකක් තමයි :D

    ReplyDelete
  10. මට නිකං පිස්සු පිස්සු වගේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...