Wednesday, March 2, 2011

කාලා වරෙන්කෝ පරිප්පු..........

රෝහලේ ඉන්න අක්කා ගැන ඇති දුකත් මොහොතකට අමතක වෙනවා මේ කෙල්ලව දැක්කහම.

ඉස්සර නං හිතෙන්නේ නියම කැල්ලක් කියලා. බලන විදිහට මට මගේ වයසත් අමතක වෙනවා.

අනේ මගේ අක්කා! අක්කා මට වඩා අවුරුදු 16ක් වැඩිමහල්. මාවයි අක්කවයි දකින අය හිතන්නෙත් අම්මයි පුතයි කියලා.

අක්කා බලන්න යන්න ඕනෑ නිසා පාන්දරින් එන නිසා බස් එකේදී ඇයව හමුවෙනවා. අදත් ඉන්නවා බසයේ මගේ අසුන කෙලින්ම එහා අසුනේ. චික් මේ නාකියා නිසා මට එයාව පේන්නේ නැහැනේ.

“අංකල්, අංකල්” හපොයි මේ මිනිහාව එයා අඳුරනවා වගෙයි.

“නැහැ ඔයා නෙමෙයි එයා පැත්තේ ඉන්න අංකල්” හුටා. මට නේද මේ කථා කරන්නේ?

“අංකල් ඔයා නදිනිගේ මාමා නේද? දැන් නදිනිගේ අම්මාට කොහොමද?”

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

10 comments:

  1. හුටා..........
    කෑව නේ පරිප්පු............ :D

    ReplyDelete
  2. රන්දිල් නගෝ, මේක මේ ඔයාට වෙච්චි දෙයක් නේද, ස්ත්‍රී පුරුෂ පොඩ්ඩක් එහා මෙහා කරලා ලියලා තියෙන්නෙ....?

    ReplyDelete
  3. අපේ අප්පෝ............... සාමාන්‍යයෙන් මේ වගේ වැඩ පිරිමි අයට වුනාට ගෑණු අයට වෙනවා අඩුයිනේ දුමී අයියේ..... ඔන්න ඔය කථාවේ නදිනිගේ යාළුවා මං කිව්වා නං තව කමක් නැහැ නේද? :D

    ReplyDelete
  4. හුහ්, අංකල්, මේ..... ළමයා, ඔක්කොටම ඉස්සෙල්ලා කතාකරන්ඩ ඉගෙන ගන්නවා, එහ්හෙනං, ..........අංකල්,

    හෙහ්, හෙහ්, හෙහ්,

    ReplyDelete
  5. ඔව් ඔව්.... ගෑණු අයට ඔය තාත්තගේ වයසෙ විතර කොන්දෙක් "අක්කේ, පොඩ්ඩක් පස්සට යන්නකෝ..." කියලා කියනකොට තමයි ඒ ගොල්ලන්ගේ මූණ බලන්න ආස...

    ඔය මොකක්ද බං නගෝ, මම ඒ ලෙවල් කරන කාලේ අපේ අමරදේව මාස්ටරුත් මට මචං කියලා කතා කලා.... :)

    ReplyDelete
  6. ඔහොම වෙලාවක තමයි සුනිල් පෙරේර මෙහෙම කිව්වෙ,

    ඉස්සර මට සුනිල් අයිය කියල කිව්ව තමයි
    දැන් කියන්නෙ අංකල් මට තරුණ ගෑනු ලමයි!!

    ReplyDelete
  7. හලේ.... දුක තමා. පොඩි එවුන් ඇන්ටි කියනකොට ඇඩෙනවා

    ReplyDelete
  8. ඕක ඉතින් 25 පැන්නට පස්සෙ බලාපොරොත්තු වෙන්න ඕන සාමාන්ය තත්වයක්.. :P

    ReplyDelete
  9. බොහොම සියුම් තැනක්නෙද මෙ හැප්පිම.. මට නම් තාම මෙ වගෙ තැනක් උනෙ නැහැ.. වුනාද කියලා දැන්මම තෙරෙන එකකුත් නැහැ :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...