Monday, March 21, 2011

අහෝ ෆෝබියා 3 - ලව්

මා සිත තවමත් ව්‍යාකූලය.

මෙය බිරිඳට කියනවාදැයි සිතමින් සිටිමි. නැත. ඇය කෝප වනු ඇත.

නිවසට පැමිණි පසු පුතුගෙන්ම විමසිය යුතුය.

පුතු සමග සිටි ඇගේ වරදක් නැත. ලක්සනය. රැකියාවක් කරනවා විය යුතුය. හොඳ පවුලක විය හැක.

එහෙත් ආදරය ගැන දැන්ම සිතිය යුතු නැත. විසි දෙකත් මහ වයසක්ද?

සමහරවිට ඈ වැඩිමහල් විය හැක. මුන් කාමරයකටවත් රිංගුවොත් මගේ පොඩි එකාට අඩු වයසෙන්ම පවුලක් කරගසන්නට සිදුවනු ඇත.

හාපෝ මට ලෝකෙන් අහන්න වෙන කතා.

කොයිකටත් එලෙස සම්බන්ධයක් ඇත්නම් ඒ පවුලත් සමග සාකච්ඡා කල යුතුය. සිද්ධාලේප වෙදමහත්තයාත් ධර්ම සාකච්ඡාවේදී කීවේ එසේය.

නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කැපිය යුතු තැනට වැඩ සැලැස්විය යුතු නැත.

හාපෝ ලව් පවුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

6 comments:

  1. හාපෝ විසේසයෙන් ඔය වයසට ගිය අයට හොඳම නැහැ කියල කියනවනෙ. ඒ අය බස් එකේ කපල් එකක් දැක්කත් මූණ අප්සට් ගහ ගන්නෙ ඒකයි.

    පව් ලව්!

    ReplyDelete
  2. මම බිරින්දෑට පෙර පාසලේම යුවතියන් කීප දෙනෙකුටම පෙම් කර තිබීම මෙයට අදාල කරගත යුතු නැත. මේ කාලේ ඒ කාලේ වගේ නොවේය. පොඩ්ඩ ගැස්සුනොත් ලෝකාපවාදය ඉහටත් උඩින්ය. අනික මට දුරදක්නා නුවණක් තිබූ නිසා ඒ පෙම් පලහිලව් අවුල් වූයේ නැත. ඒත් මට මගේ එකා ෂුවර් නැත. උගෙ මොලේ ඊටත් ෂුවර් නැත. මට කොහොම වෙතත් පොඩි එකාට ලව් පව්ය.

    ReplyDelete
  3. හෙහෙහෙ...
    නියම වචන සීයයක්..!
    :D

    ReplyDelete
  4. හෙහෙ ‍‍... සිරා
    කමෙන්ට් නුත් එල

    ReplyDelete
  5. ඇඩෙනව
    උබ ලිව්වෙ මම ගැනද මන්ද?
    හපෝයි මේගැන අම්මටනම් කියන්න එපා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...