Monday, March 14, 2011

(අහෝ ෆෝබියා1 -අන්තර්ජාල) පුතු සිතයි

අම්මී නෙට් නැතිකිරීමට යන්නීය
එසේ උවොත් ඉදලා වැඩක් නැත
අවදිවන්නේ මූනුපොතේ නංගිගේ මිස්කෝල් එකෙනි
උදේට තේකද ජාලයයි
බ්රෙක්ෆස්ට් ගන්නේද ජාලය සමගිනි
දවල් කෑම තෙක්ම බඩගින්න නිවන්නේ චැට්ය
ක්ලාස් යන්නේ මයිස්පේස් නංගි බලන්නය
හවසට තේ සමග බ්ලොග් කමිය
කොටින්ම මට ඔක්සිජන් නැතිව ඉනු හැක
නමුත් නෙට් නැතිව ... ?

මා නරක් වී ඇතැයි අම්මා කියයි
ඈ මගේ මූනුපොත බලලාවත්ද
නැත්නම් බ්ලොග් එකක් වත්
අඩුම ගානේ කමෙන්ට් වත්

ජාලය තොර ලෝකයක් සිතීමද මා කම්පිත කරවයි

අම්මීට පේන්නට ජාලයෙන් අධ්‍යාපනික වැඩ කලයුතුය
මෙතරම් කලක් බැලූ අධ්‍යාපනික වැඩසටහන් ඇතිය
ඒ එකක්වත් හරි නොගියහොත්

මා මවට හොරා
වයර්ලස් බ්රෝඩ්බෑන්ඩ් වෙමිය
බිල හයිෆයි නංගීයාට බාර දෙමිය

ලියා එව්වේ - සහෝධරයා

7 comments:

  1. සීයක් එතනම බිම! :D

    "නංගි" <-> "අයියා" ‍කේස් එකත් කලින් ඇද්ද. ෆොටෝ ටැග් කරල ගන්න ආතල් එක්ක. පට්ට.

    ReplyDelete
  2. මයි ස්පේස්, හයිෆයිව්? චාටර් නේ...! :P

    මේකට ප්‍රතිචාරයක් හැටියට මම දාන්නං මගේ වෙබ් සයිට් එකේ මම ගැන තියන හැඳින්වීමේ කෑල්ලක්:

    "I can spend my whole day with a computer with an Internet connection and I believe O2 (Oxygen), H2O (Water), Food and a Computer with Internet connection are basic human needs."

    :D

    @සහෝධරයා: BTW, උඹට ඔච්චර නංගිල ඉන්නව කියල මම දැනං හිටියෙ නෑ නෙ. :P

    ReplyDelete
  3. අඩේ මගේ කතාව වාගේ... හිහ් හිහ්...හොද වෙලාවට වයර්ලසම වුනේ.. ඒත ඉතිං බිල මගේ පොකෙට් එකටම විදින සේයකි හිහ් හිහ්

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...