Saturday, October 30, 2010

අවසන් මොහොත

විශ්වයේ මහා පිපුරුමේ ශක්තිය පෘථිවියට දැණෙන්න තව හෝරා කීපයයි.
ඒ ශක්තියෙන් පෘථිවිය පැය කීපයකින් පුපුරා යන්නට නියමිතයි. මේ ලෝකයේ අවසානයයි. කාටවත් හැංගෙන්න තැනක් නෑ...
ලෝකය පුරාම එදිනෙදා ක්‍රියාවලි ඇණ හිටල. මිනිස්සු ගොඩගහගත්තු මුදල් වලින් උපරිම සැප විඳිමින් හිටිය. මුලින්ම හිඟ වුණේ දුම්වැටි, මත්පැන් සහ මත් ද්‍රව්‍යයි.
මිනිස්සුන්ට සිහිය අමතක කරන්න ඕන වුණා.
පාරෙ තැනින් තැන අහුමුළු වල ගෑණු පිරිමි සංසර්ගයේ... තවදුරටත් ඒවට තහනමක් නෑ...
දැන් නීති රීති, ආගම් කියල දේවල් නෑ... කාටවත් ඒ ගැන ප්‍රශ්ණයකුත් නෑ...
සමහරු කණ්ඩායම් පිටින් දිවිනහගත්ත.
ගොඩක් මිනිස්සුන්ට ආයෙත් ජීවිතේ දැනෙන්න අරන් ආසාවන් ලුහුබඳිමින් හිටිය...
මැරෙණ බව නොදැන ඉන්නකොට වඩා හැමෝටම මොහොතක ජීවිතේ ලේසි වෙලා තිබුණ....
------

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

5 comments:

  1. ලියන්න ඒව නැත්තං නොලිය හිටපල්ල බයිල ගහන්නෙ නැතුව...

    ReplyDelete
  2. ඇ‍‍‍‍‍ණෝ 1 - ඇයි ඔයා‍ට පාන් හැපෙනවා වගේද අනේ??????
    අනේ නිකං පලයං බං යන්න...!! හි හී....

    මචං එච් සෝක් ලියුම බං...

    ReplyDelete
  3. ලස්සන හීනය දැක්කෙමි.....ඕක හොද මාතෘකාවක් වේවි

    ReplyDelete
  4. කොයි කාලෙක හරි මෙවන් දවසක් බිහිවේවී
    ලස්සනට හැමදෙයක්ම ලියා තියෙනවා
    මිනිස්සුන්ට පේන දෙයකට වඩා දෙයක් මෙතන තියෙනවා
    ඒ ඇතුලෙන් කියවෙන කතාව ලස්සනයී "h"

    ReplyDelete
  5. හෙට මැරෙනවා කියලා හිතන් ඉන්න වෙරෝනිකාලා වෙලා හැමෝම.. නීති කියන දේවලින් තොර වෙලා..! එහෙම දවසක් ඇත්තටම ආවොත් මිනිස්සු ගොඩක් මෙහෙම වෙයි.. අඩුම ගානේ තමන් ගොඩගහගත්තු දේවල් ටික වියපැහැදම් කරගන්නවත්..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...