Sunday, October 24, 2010

නුඹ මම

ඊයේ අද නැති, හෙටක් හිමි නැති... සියක් වදනින් කියා නිම්නැති ... කතාවකි මේ...

හීන අහුරක් දෑත ගුලිකර
හිත් ඉමේ පියමනින්නේ නුඹ
නුඹට හිමි නැති මටද හිමි නැති
ලොවක ලස්සන දකින්නෙමි මම

බිඳෙන උපදින හැඟුම් අද්දර
සොඳුරු ඉසිඹුව මවන්නේ නුඹ
ඇඟිලි තුඩු අග පිපෙනවා මෙනි
මුදු සිහින රඟ විඳින්නෙමි මම

හදවතේ ඉරි තැළුණු සලකුණු
සෙමෙන් පිරිමැද මකන්නේ නුඹ
දෑත නොපොවන දුරක සිටියත්
නුඹේ සුසුම් සුව සිඹීන්නෙමි මම

කඩ ඉරෙන් ඇඳි සිතුවමක් සේ
සිතේ ගැඹරක ඇඳෙන්නේ නුඹ
පාට හැඩතල පුරනු නොහැකිව
සසැලෙමින් නිති හඬන්නෙමි මම

අවර අහසක නුහුරු දවසක
පුර සඳක් සේ පිපෙන්නේ නුඹ
සිහිනයට වැඩි හැබෑවට අඩු
මිරිඟුවට පෙම් කරන්නෙමි මම

ලියා එව්වේ - මලිති (http://sathsihina.blogspot.com/)

5 comments:

  1. මිරිඟුව සිහිනයක් නොවේ..සැබෑවට විදින්නට හැකි..ලංවන්නට නොහැකි. විදින්නට හැකි නිසාම සැනසෙන්න..ළංවන්නට බැරිවුවද..

    ReplyDelete
  2. මම මේ කවි පෙළ දෙතුන් වතාවක් කියෙව්වා
    මම ඒ කවි පෙළ විදිනවා
    ලස්සනයී

    ReplyDelete
  3. හි හි... ඔහොම ඉඳල ඇති වුණාම නැගිටල බලන්න. කලින් නොපෙණුන ගොඩක් දේවල් වටේ තියෙනවයි කියල තේරෙයි...

    ReplyDelete
  4. මේක අර මලී කියනවා වගේ විඳවීම කියන එකෙන් ආතල් එකක් ගන්න සීන් එකක් මට නම් තියෙන්නේ විරහව කියන්නෙත් රසයක් නිසා කවුරු කිව්වත් නැතත් ඒක විඳ ගන්න කවුරුත් කැමතියි. ඒකයි මම නම් හිතන්නේ ඕක අමතක කරන්න ඔච්චර මිනිස්සුන්ට අමාරු..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...