Wednesday, October 13, 2010

පරමාදර්ශ

“උඹ හිතන්නෙ පොර ගෑණු ආශ්‍රය කරන්නත් නැතිව ඇති කියලද?”

මට නිහඬවම ඇද්දා තව දුම් උගුරක් පපුව පිරෙන්න.

“ඔව් එහෙම වෙන්නත් ඇති”

“අන්දල තියෙන ඇඳුම් ගැලෙව්වම ඌත් අපි වගේ මිනිහෙක් විතරයි. එකම දේ ඌ කියපුව අහන්න ගොඩක් මිනිස්සු හිටියා.”

මගේ අතින් දුම අරගත්තු කුමාර උගුරක් ඇදල ඒක දිහා බලන් හිටිය.

“මේක නිසා කියන කතා නෙවෙයි. ඒත් මේව හිතෙන්නෙ මේක නිසා”

මම හඬ අවදි කලා.

“කතා ගොඩක් තියෙනවනේ ඔළුව පිරෙන්න. ඒව එහෙම නෙවෙයි කියල හිතන එක...”

“හික්”

සෙන්ටිමීටරයක කොටේ විසි කරපු කුමාර නැගිටල ඩෙනිමෙ වැලි පිහිදුව...

“පරමාදර්ශ කඩල දාන එක අමාරු වැඩක්. ඒත් කවද හරි උඹට තේරෙයි පරමාදර්ශ කියල එකක් නෑ කියල”

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

6 comments:

  1. “පරමාදර්ශ කඩල දාන එක අමාරු වැඩක්. ඒත් කවද හරි උඹට තේරෙයි පරමාදර්ශ කියල එකක් නෑ කියල”
    හරියට ම හරි මිතුරු...!

    ReplyDelete
  2. පරමාදර්ශ කියලා එකක් තියාගන්නත් බෑ මොකද අපි තියාගන්න හැම පරමාදර්ශයටම මිනිස්සුනෙ..

    ReplyDelete
  3. @ නිසල් - හ්ම්ම්...
    @ ලි.පු. - එහෙනම් හරි!
    @ ආS - ඒකනේ තියෙන කේස් එක... ඕන නම් පරමාදර්ශී නොවන තැන් වලට මොකක් හරි සිරා කතාවක් සෙට් කරලා පොඩි ට්‍රයි එකක් දෙන්න පුළුවන්.... ;-)

    ReplyDelete
  4. follow no one learn from every one කියන්නේ නිකං ද?

    ReplyDelete
  5. @ මලී - ඇත්තටම ඒක කියන්නෙ නිකං තමයි. ෂෝ එකට! ඕකට කියන්නෙ ප්‍රකාශන හරහා පොර වීම කියලා... ප්‍රකාශනය තියෙනවා... ඒත් සැබෑ පොර අතුරුදහන්...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...