Friday, August 10, 2012

කෝපි

කෝපිහලේ ජනේලෙන් එළියේ තියෙන ගහේ කහ ගැහුණු කොළ තව ඉතිරිවෙලා තියෙන්නේ අහුරයි. ඉඳහිට එන තද හුළං රැල්ලකට ගහ එයිනුත් එක කොළය බැගින් දන් දෙනවා. එක සීරුවට වහින වැස්සේම මිනිස්සු ඉක්මන් ගමනින් ඒ මේ අත යනවා. කෝපි කෝප්පෙන් නඟින දුම් රැල්ල බොහෝම නිර්භීතව ටික දුරක් පාවෙලා ජනේලේ හරියේදී අතුරුදහන් වෙනවා. දෙන්නෙකුට එක කෝපි කෝප්පයයි. හවුලට නෙමෙයි.. මම කෝපි නොබොන නිසා.

“You don’t drink coffee?” අපේ ඇනවුම ගත්තු ගෑනු ළමයා හිනාවෙලා මගෙන් ඇහුවා. “It’ll warm you up!” ඇගේ පෙරැත්තය නිසා නැඟුණු සිනහව අතරින් මා එය ප්‍රතික්ෂේප කළා.

“It’s Ok..” මගේ කර වටා වැටුණු ඔහුගේ බාහුවේ උණුහුම මට දැනුණා. “I’ll keep her warm!”

ලියා එව්වේ - මලිති විජේසේකර (http://sahaspiyawara.blogspot.com.au)

13 comments:

  1. ආදරය කියන වචනය නැතිව ආදරය ගැන වචන සීයක්..!
    අපූරුයි..!

    ReplyDelete
  2. මේ වගේ පුංච් ‌දේවල් ජීවිතය මොන තරම් පහසු කරවනවද...?
    හරි අගෙයි.....

    ReplyDelete
  3. අපේ තරුණ සාහිත්‍ය යන පාර මේ වගේ බසක් පරිහරණය කරනවා නම් අපේ සාහිත්‍යට ජය වේවා. අද උදේ ඉදන් අපුරු බසක් භාවිතා වෙන තැන් මට හමුවෙනවා. අද ලස්සන දවසක්. මලිති දිගටම ලියන්න.

    ReplyDelete
  4. කෝපි බොන්නේ නැතුවත් කොෆී ෂොප් එකකට යන්න වෙන දවස් තියේ... ලස්සනයි...

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම! :)

    ReplyDelete
  6. සෙනෙහසේ උණුසුම දැවටුණු, ආදරය දැනෙන කතාවක්!!!

    ReplyDelete
  7. වචන කීපයක් වුණාට ඒව ඇති තරම් පෝසත් නම් මවන්න පුළුවන් චිත්ත රූපවල නිමක් නෑ. සුපිරි ලියමනක්! ජය වේවා...!

    ReplyDelete
  8. මට තේරුන්නෑ. මන් පොඩි හිංදද මන්ද...

    ReplyDelete
  9. මේක හිතලකරපු නිර්මාණයක් වෙන්න බෑ.. අනිවා අත්දැකීමක්‌....... නියමයි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...