Monday, August 13, 2012

ලෝක බොරුව

අපේ අම්මා මට කියන හැම දේම එයා මම කාලේ එයා ඒ විදිහටම කරලාම තියෙනවාද?

අපේ තාත්තා ලෝකේ මෙහෙමයි ඉන්න ඕනේ කියලා මට කිව්වට,
එයා ඒ විදිහටම ඒ කාලේ හිටිය කියල කාට හරි ෂුවර් එකටම කියන්න පුලුවන්ද?

අපේ සර් කියන බයිලත්, එයා කරලා පෙන්නනන්නේ අපි ඉස්සරහදී විතරයි කියලා,
මමයි සර්රුයි දෙන්නමත් දන්නවා....

අනික මේ ඔක්කොම කියන දේවල් ඒ විදිහටම කලේ නෑ කියල ඔය උඩදි කියපු උදවියට,
මේ පොලොවේ පයගහල ඉන්න බැරි වුනාද?

ඉතින් මම දැන දැනමත් මෙහෙම වෙන ලෝකෙක ඔය කවුරුත් කියන නිසා......
මේ වෙලාවේ මම විඳින ඒ සතුට නැති කරගන්නේ මොන මගුලකටද?

තවත් කියන්න දෙයක් නෑ වචන හතයි මදි වුනේ...


ලියා එව්වේ - නිසල

6 comments:

  1. ඒකනේ... හැමෝම කරන්නෙ බොරුව !

    ReplyDelete
  2. ඒ අය එහෙම බොරු කියල හරි අපව මේ තැනට ගෙනාව එක ගැන සන්තෝෂ නැද්ද?

    ReplyDelete
  3. අම්මල තාත්තල සහ වැඩිහිටියො ගැන ඔහොම හිතෙන කාලයක් තියෙනවා. අර නාහෙට නාහන 'මම තමයි පොර' කියන මොරාල්ස් එක හැදෙන කාලෙ. ඒ වුණාට ටිකක් තරුණ වෙද්දි ජීවිතේ එක්ක ගැටෙද්දි ඔය අදහස් සම්පූර්ණයෙන්ම අනිත්පැත්ත ගැහෙනවා. තමන්ට තමන් ගැන අභිමානයක් තියෙනවනම් ඒකෙ සෑහෙන්න කොටසක අයිතිය හිමි වෙන්නෙ දෙමව්පියන්ටයි ගුරුවරු ඇතුළු වැඩිහිටියන්ටයි තමයි!

    ReplyDelete
  4. තෝව කොටියාම කාපිය.

    ReplyDelete
  5. ස්තුතියි... යතාර්ථය මිස සිතුවිලි අත්දැකීමක් නොවේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...