Wednesday, August 8, 2012

ඔයා.....

ඇත්තටම දැන් ඔයා ලග ඉන්නෙ මම මුලින් දැකපු අහිංසක කොල්ලා නම් නෙමෙයි.

1.හැම  කොල්ලම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් පෙන්නන්නේ තමන්ගේ ඇත්තම ස්වරූපය නෙමෙයිද?

2.කෙල්ල කොල්ලව දාලා යන්නේ නැති බව දැන ගත්තම කෙල්ලගේ අගය අඩු වෙනවද?

අද ඔයා ගැන හිතද්දි මට හිතුන ප්‍රශ්න ටිකක් තමයි මේ. මට  කියන්න තියෙන්නේ, කොල්ලා වරදක් කලාම රණ්ඩු නොවී ආදරෙන් තේරුම් කරලා දෙනව නම් ඒ කෙල්ල අවංකයි. ඒ වගේ කෙනෙකුගේ හිත නපුරුකම් කරලා රිද්දන්න එපා. සමහර විට ඔයාව දාලා යන්නත් ඉඩ තියෙනවා. එදාට ඔයාට නැති වෙනනේ මේ ලෝකේ ඔයාට ගොඩක්ම ආදරේ කරන කෙනා වෙන්න පුලුවන්. මතක තියා ගන්න අවංක ආදරයක් ලෝකේ හොයා ගන්න අමාරුයි කියලා

ලියා එව්වේ - මුතූ

6 comments:

  1. හ්ම්..... ඔයා කියන කතාව හරි.
    අවංක ආදරයක් හොයාගන්න සෑහෙන අමාරුයි !

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත..
    ඒත් ආදරේ කියන්නේ බලෙන් හිතේ ඇති කරන් දෙන්න
    පුලුවන් දෙයක් වත්..
    බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක් වත් නෙමෙයිනෙ නේ..

    ReplyDelete
  3. කොකාගේ සුද පේන්නෙත් ඉගිලෙන්න ගත්තම කියනවානේ... කාගෙ කාගෙත් හොද නරක තේරෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ.... දෙන්නගෙ ආදරේ එක වගේ නොවුනත් එකිනෙකාට අවංක නම් දුර ගමනක් යන්න පුළුවන් වේවි.....

    ReplyDelete
  4. one zero zero කියන්නේ සාහිත්‍යමය බ්ලොග් එකක් නේද?
    මේ වගේ ආතක් පාතක් නැති ඒවා මේ බ්ලොග් එකට ගැලපෙනවද? වචන සීය වුනා කියලා මේ හැම එකම දාන එක ගැන දෙපාරක් හිතනවා නම් හොඳයි කියලායි මට හිතෙන්නේ.

    ReplyDelete
  5. මෙන්න මේක බැලුවනං හරි!

    http://youtu.be/_Wi1gPm03VY?t=36s

    ReplyDelete
  6. හ්ම්ම්..හිතන්න දෙයක්..:)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...