Wednesday, August 29, 2012

ලොතරැයි කොලුවා

“පුතේ මේකට දිනුමක් තියෙනවද බලන්න”

මෙසේ සතියකට සැරයක් තමන් කලින්දා මිළදීගත් ටිකට්පත දික්කරන මේ මැහැල්ල ලොතරැයි කොලුවාට ආගන්තුක අත්දැකීමක් නෙවෙයි…

“නෑනේ ආච්චියේ…”

හැමදාම පාහේ මේ ආකාරයට පිළිතුරු දෙන ලොතරැයි කොලුවා හිස් ටිකට්පත ඇයට ආපසු දෙන්නේ ඇයගේ මැලවුණු මුහුණ මගහරිමින්…

නමුත් මෙදින ලොතරැයි කොලුවාට වෙනස් දවසක්… මැහැල්ලට පිළිතුරුදීමට වෙනදාට වඩා කාලයක් ඔහු ගතකලේ එහෙයින්… තමා මේ කරන්නට යන්නේ සුදුසු දෙයක්ද, ඔහු තමන්ගෙන්ම විමසුවා… මැහැල්ල තරම් නොවුනත් තමනුත් අන්ත දුප්පතෙක්… අවසන ඔහු තීරණයට එළඹුණා…

“ඔන්න යන්තම් අද දාහක් තියෙනවා… මෙන්න සල්ලි”

“අනේ ඇත්තද පුතේ…”

දෝතින්ම තමා දුන් මුදල ලබාගෙන සතුටු සිතින් නික්මයන මැහැල්ල දෙස ප්‍රීතිමත් නෙතින් බලාසිටි ඔහු ටිකට්පත කුණු කූඩයට විසිකලා…


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

20 comments:

  1. වචන 100යි ලකුණු 100%

    ReplyDelete
  2. //---දෝතින්ම තමා දුන් මුදල ලබාගෙන සතුටු සිතින් නික්මයන මැහැල්ල දෙස ප්‍රීතිමත් නෙතින් බලාසිටි ඔහු ටිකට්පත කුණු කූඩයට විසිකලා--//

    මෙතෙන්ට වෙනකම්ම මම හිතුවේ කොල්ලා මැහැල්ලගේ ලොතරැයියට වැඩේ දෙයිමයි කියලා.., අපේ නැහැදිච්ච කම, අපේ මනසට වඩා බීට්ල්ගේ ලොතරැයි කොලුවා ගුණධර්ම පුරුදු කරපු එකෙක්..!

    ReplyDelete
  3. අපි මෙහෙම වෙන්න ඕන කියන තැන සමාජය හිටියට සමාජය මෙතන නෑ. ඒකයි සමහර මුදල් හෝ වටිනා දේවල් නැතිවෙලා මිනිස්සු ඒ වටිනා දේවල් සොයලා දුන්නම ඒ දේ පත්තරෙත් දාන්නේ.

    ReplyDelete
  4. ලිශා කිව්ව දේමයි මටත් කියන්න තියෙන්නේ.. මම හිත හදාගෙන හිටියේ කොල්ලා ටිකට් එකෙන් ඊට වැඩි දිණුමක් ගනී කියලා... මරු කතාව!

    ReplyDelete
  5. අවසානය ප්‍රායෝගික නැහැ.

    දිනුමක් තියෙන ටිකට් එකක් කවදාවත් අළෙවිකරු විසික් කරන්නේ නෑ. ඒක ලොතරැයි සමාගමට දිය යුතුයි. එවිට තමා ලොතරැයි සමාගමෙන් අළෙවිකරුට මුදල් දෙන්නේ.

    ස්වීප් කොල්ලා ආච්චි ගැන දුක හිතිලා රුපියල් දාහක් නොදුන්නානම් තමා මම උඩින් කිව්ව කාරණාව සත්‍ය වෙන්නේ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ubata mongalda machn
      Abetayage post ekata comment karala adagena nala ai nanna hadanawada

      Delete
  6. අපේ අතින් සුලු මුදලක් වියදම් උනත් ඒයින් තව කෙනෙක්ට උපකාරයක්,හිතට සතුටක් ලැබෙනවා දකිනකොට ඒ සතුට සල්ලි වලින් මනින්න බෑ

    ReplyDelete
  7. ඔය ලොතරැයියට ඇත්තටම දිණුමක් ඇදිලද තිබ්බේ?

    ReplyDelete
  8. සලියුට් යූ.!!!!!

    ලොතරයි කොලුවාව බිහි කල බීටයියාට !!;)))

    ReplyDelete
  9. මරු! මේක බීටල් ලියපු නිසා මටනම් කිසි ව්චිකිච්චාවක් නෑ.

    ReplyDelete
  10. නියම කතාවක් බීටලයියා! රුපියල් 1000 අරං සතුටින් යන ඒ ආච්චි දිහා බලන ලොතරැයි විකුණන එකා මම උනානම්!

    ReplyDelete
  11. කියවූ, කමෙන්ට් කල හැමදෙනාටම ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  12. ශා... ලස්සන අදහසක් ... ඇත්තටම ඔය වගේ දෙයක් වෙලා ඒ මොහොතේ ඇති වන තෘප්තිය නම් වචනයෙන් කියන්න බෑ :) ඒක අර ආච්චිට දුන්නු රුපියල් 1000ටත් වඩා ගොඩක් වටිනවා :)

    ReplyDelete
  13. katwa 100x100 = ELA KIRI.
    Jayawewa.
    Sajith Mendis.

    ReplyDelete
  14. කතාව පට්ට.හැබයි ටියුබ් ලයිට් කමෙන්ට්ස් ටික ඊට වඩා පට්ට.

    ReplyDelete
  15. කතාව කෙටිම කෙටි උනත්, ඒක හිතේ රැඳිල තියේවි කාලයක්. වචන 100කින් ගැඹුරු කතාවක්.
    ජය!!!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...