Wednesday, August 22, 2012

නාකි සීයයි මමයි

දැන් ඉස්සර වගේ ලියවෙන්නෙ නෑ...

අඩු තරමෙ මෙලෝ රහක් නැති එකක්වත් ලියවෙන්නෙ නෑ...

මට නිකමට හිතුණ.

ඒ එක්කම මම ගියේ අවුරුද්දකට පොඩ්ඩක් වැඩි අතීතෙකට. ඒ දවස්වල අමුතු ලස්සනක් තිබුණා. ඒ කාලෙ මට හැම සිද්ධියකම වචන සීයක් පෙණුන. යන එන ඕන තැනක සිද්ධ වෙන කතාවකට ගැලපෙන හැම සිද්ධියක්ම උවමනානම් වචන සීයකට දාන්න පුළුවන් නේද කියල මම කල්පනා කරමින් හිටිය.

ඒ වුණාට ඒක කරන එක ඒ හැටි ලේසි වුණේ නෑ. හැමදාම සීයට ටිකක් වැඩි වුණා. අමාරුම වැඩේ ලියාගෙන ගිහින් පස්සෙ ට්‍රිම් කරන එක.

ඒත් ඒ දවස්වල ඒක සෑහෙන ආතල්ජනක වැඩක් වුණා.

ඒ ඉස්සර...

දැන් ලියන්නෙ මේක...

වචන සීයක් පිරෙන්න ලියාගන්න තියෙන අමාරුව...

ලියා එව්වේ - hare :-)

4 comments:

  1. සහතික ඇත්ත........ කිසිම දිග කථාවක් ලියා ගන්න බැරි තරමට වචන සීයය අහල පහළින් සේරම කථා ඉවර වුනා ඒ කාලේ.........

    ReplyDelete
  2. මලක් ගැහැව්වනම් හරි.. කී බෝඩ් කන්න පුළුවන්...

    ReplyDelete
  3. හික්ස් වෙලාවකට ලියන්න දෙයක් හිතෙන්නෙම නැහැ තවත් වෙලාවකට?.හික්ස්

    ReplyDelete
  4. මටනං දැනුත් එකක් තියෙනවා ලියලා දාන්න. වචන 9ක් මදි. තාම හිතාගන්න බෑ ඒකට ගැලපෙන වචන 9ක්!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...