Friday, August 3, 2012

පීරගෙ ලබ්බ!

කැස්බෑවෙ පීරිස්ට කවුරුත් කිව්වෙ පීර කියලා.

මේක වුණේ අවුරුදු විස්සකට විතර උඩදි.

ඒ දවස්වල පීරට තිබුණ යමහා ට්‍රේලක්. මිනිහගෙ එකම වස්තුව ඒක. පොර ඒකෙ නැගල දාපු වැඩ ගැන නිතරම නයි ඇරිය.

අළුත් අවුරුද්දක් කිට්ටුව දවසක් මෑන් යාළුවෙක් හම්බවෙන්න කොට්ටාව පැත්තට එද්දි ට්‍රේල නැවතුණා. යාළුවව ගෙන්නගෙන එයාගෙ මෝටර් සයිකලේ ලණුවක් ගැටගහල ට්‍රේල ඇදගෙන ආවා ගරාජ් එකට.

ලණුව අඩි දහයක් විතර දිගයි. කොට්ටාව හන්දියෙන් පාර මාරුවෙද්දි පාර හරහාම ලණුව.

හයිලෙවල් පාරෙ වේගෙන් ආපු බයිසිකල්කාරයො හතර දෙනෙක් ලණුවෙ පැටලිලා බිම.

‍එදා බයිසිකල් රේස් එකක්.

පොළිස් කාරයෙක් ආවා.

‘ඔය ලබ්බ ගනින් යකෝ අහකට’ පොරට මළ පැනලා.

එදා ඉඳන් පීරගෙ ට්‍රේලට කියන්නෙ පීරගෙ ලබ්බ කියලා.


ලියා එව්වේ - hare :-)

12 comments:

  1. Iyo mekath kathawaknda

    ReplyDelete
  2. හික් හික් පීරට මළ පනින්න ඇති.ඌත් වැටෙන්න ඇති බයිසිකල් 4 ලනුවේ පැටලුනාම....

    ReplyDelete
  3. ඉතින් අහකට ගත්ත ද ... ??

    ReplyDelete
  4. Apo dan 100 blog ake mehema kathath yanawada? Malo rahak na.

    ReplyDelete
  5. සීයේ සීමාව සීය පමණි.

    ඔබට උවමනා අම්බානක් ලෙස සිරා කතාවක්නම් මෙතනට ගොස් පහලට යන්න :P

    ReplyDelete
  6. පව් හලෝ ...................

    ReplyDelete
  7. ඇත්තටම පීරයි යාළුවයි දෙන්නත් බිම වැටිල තමයි ඉඳල තියෙන්නේ. වැඩේ අප්සෙට් වුණාට කාඩ් එක අදටත් එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. අර ඇනෝලා කියන විදිහකට ලියන්න. නැත්තං අපි එන්නෑ කියවන්න! ;) :D

      Delete
  8. ලංකාවෙ පොලිස් මාමලගෙ සුමට බාසාව.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...