Friday, August 24, 2012

අනාගත මුණුබුරා

"ඉස්සර අපේ රටේ හිටියා පුතේ C.W.W.W. කන්නන්ගර කියලා මහත්තයෙක්. මේ මහත්තයා හැම ළමයෙකුටම එක සමාන විදිහට අධ්‍යාපනය දෙන්න ඕන කියලා හඬක් නැගුවා. අන්න ඒ මහත්තයාට පින් සිද්ද වෙන්න ඒ දවස්වල අපි ඉගෙන ගත්තා පුතේ තඹ සතයක් ගෙවන්නේ නැතුව. ඒ කාලේ ගුරුවරු අපිට උගන්නපු අකුරක් අකුරක් ගානේ ඉගැන්නුවේ කිසිම ගුරු පඬුරක් ගන්නේ නැතුව. හොඳට ඉගෙන ගත්තු ළමයා සල්ලි නැතත් ඉහළට ගියා අනිත් ළමයි පහළට ගියා. සල්ලි හේතුව කරගෙන නිසා කිසිම ළමයෙක් ඉහළ පහළ ගියේ නෑ. ඒත් ඉතින් ළමයි ඉගෙන ගන්න තරමට උසස් අධ්‍යාපනයට පහසුකම් දෙන්න රජයට බැරි උනා. අන්න ඒකයි......"

"අනේ ආත්තම්මේ stop it please, මම සුරංගනා කතා වලට කැමති නෑ"

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

7 comments:

  1. අනාගතයෙදි මෙහෙමත් වෙයි මලේ !

    ReplyDelete
  2. මධුරංග කිව්වා වගේ මේ දිනය වැඩි ඈතක නෙමෙයි වගේ

    ReplyDelete
  3. ඒක ඇත්ත... දැනුත් මේවා සුරංගනා කතා වගේ තමයි.....

    ReplyDelete
  4. C.W.W.W.කන්නන්ගර මහත්තැන්ලා එක සමානව දුන්න අධ්‍යපනයෙන්ම ඉගෙන ගත්ත "ගොන් ඔස්තාර්" ල තමයි ඒවා අමතක කරලා අසරණ,අහිංසක දරුවන්ගේ අධ්‍යාපනේට වින කරන්නේ.

    ReplyDelete
  5. කන්නංගරයා තමයි නිදහස් අද්යාපනේ කියලා විනාසයක් ඇති කරේ

    ReplyDelete
    Replies
    1. ඇයි ඒක නිසා ඔබතුමාට පොල් කඩා ගන්න කොල්ලෙක් නැති උනාද? නැත්තන් මොකක්ද ඒකෙ තියන විනාසෙ?

      Delete
  6. අනාගතය නෙවෙයි වර්ථමානයත් ඒ වගේ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...