දුම්රිය කොටුව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි. එහි එක් අංගනයක හතර පස් දෙනෙකුට වඩා නොසිටියෙමු. කොනක ශාන්ත පෙනුමින් යුතු සීයා කෙනෙකු වාඩි වී සිටියේය. ඔහු නැගිටවිත් කීපදෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් කවුරුවත් ඔහුට මුදල් නොදුන්හ. කාර්යාලයට යාමටයි ගෙදර ඒමටයි හැර මා අතේද එතරම් මුදලක් නොතිබුණු බැවින් මාද බිම බලා ගතිමි.
දුම්රිය වේගයෙන් මුහුදු බඩ මාර්ගය දිගේ ඇදී යයි. මාද සුපුරුදු පරිදි මුහුද දෙසට හැරී එදෙස බලා සිටියෙමි.
එක් තත්පරයකට මාගේ දෑස් හිඟන සීයා ලඟ නතර විය. එම සීයා තම කදුඵු පිස දමමින් හඬනායුරු දුටුවෙමි. මා කොල්ලුපිටිය දුම්රියපොලෙන් බසින්නට පෙර අතේ තිබුණු සොච්චම ඔහු අතට දී ඔහු දිහා නොබලාම බැස ගියෙමි.
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)
හ්ම්....
ReplyDeleteඑල නේ....
ReplyDeleteහොඳ වැඩක්
ReplyDeleteහොද වැඩක්... ජීවිතයක්...
ReplyDeleteසීයට ඊට වඩා ප්‍රශ්න තියෙන්න ඇති..
ReplyDeleteසංවේදී සියක් අකුරු කිරීමක්..!
ස්තූතියි.මං මුලින්ම මේ කතාව සියක් කතාවට යවලා ආයෙත් කිව්වා පල කරන්න එපා කියලා. හිතේ පුංචි චකිතයක් තිබුණා අන් අය ඒ කතාව කොහොම වටහා ගනීද කියලා. :) මේ සිද්ධිය මීට වසර එකොළහකට පෙර වෙච්ච දෙයක්,ඒත් ඒ සිද්ධිය අද වගේ මට මතකයි ඒ තරමටම මගේ හිතට ඒ සිද්ධිය කා වැදුනා.ඒකයි ඒ සිද්ධිය අකුරු කරන්න හිතුනේ ....
ReplyDeleteපුංචි පෝස්ට් එකේ අවසානය හිත වැදුනා ගොඩක්..ඒ වගේම දුක හිතුනා.ඔබ ගැන ආඩම්බරත් හිතුනා..
ReplyDeleteඔබට ජය!
Samaharu salli nudunnama saapa karanawane...
ReplyDeleteEda salli nudunna nam, passe e gena mathak wenakota hithata pasutheweemak denei..
Dewenì waakye
podima podi awlak thiyanawa neada ?
hm
ReplyDeleteස්තූතියි හිරු :)මට නම් මං ගැන ආඩම්බර හිතෙන්නේ නෑ.ගොඩක් වෙලාවට තරහ හිතෙනවා මිසක අර කලින් ලියපු රුපියල් 2000/= කතාව වගේ :D :D
ReplyDeleteසිතුම් පැතුම් ඔය කියන්නේ ශාන්ත කියන වචනෙ වෙන්න ඇති.ඇත්තටම ඒ සීයා ශාන්ත පාටයි ඒකයි මං එහෙම ලිව්වේ :)