Monday, August 6, 2012

දේශපාලන විසඳුම

බලාපොරාතුත් පරිදි මෝසම් වැසි නොලෑබි යාමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මේ දින වල පවතින නියඟය හේතුවෙන් ගොවි ජනතාව බොහෝ සෙයින් අපහසුතාවයට පත්ව සිටී. මේ පිළිබඳ අප කල විමසීමකදි ගොවි මහතුන් කියා සිටියේ තමාට රජයෙන් හෝ කිසිඳු සහනයක් නොලැබෙන බවයි.

අපි යල මහ දෙකෙන් ජීවත් වෙන මිනිස්සු අපිට ගොවි තැන් නැතිනම් ජීවත් වෙන්න වෙන විදියක් නෑ. අපි බලාගෙන ඉන්නේ රජයෙන් දේශපාලන විසඳුමක් දෙනකල්
-ගොවියෙක්-

රජරට පැත්ත වේලිලා. මේ ගොලේලෝ රට සවාරියේ. මම අහන්න කැමතියි කෘෂිකර්ම ඇමතිගෙන් මොනවද නියඟයෙන් අවතැන් වූන්ට දෙන සහනාධාර?
-විපක්ෂය-

රජරට වේලිලා. වැස්ස නැහැ. අපිට මිනිස්සු විඳින දුක දැක්කාම ඇස් වලට කඳුලු පිරෙනවා . ඇත්තටම ඇඬනවා!
-රජයේ ඇමති-

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

6 comments:

  1. ඇමති කෙනෙක් අඬනවා කියලා ඇහුවෙත් අදමයි. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම ප්‍රවෘත්ති විකාශනයකදි අහන්න ලැබුනු කතාවක්. කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයිති දේශපාලන තුමෙක් ජන හමුවකදි ඔය චවන ටික කිව්වා :D

      Delete
  2. මේක කියෙව්වම සිවිල් සමාජයේ අපිට නම් පට්ට ආතල්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත !!

      ඔකට හිනා ගිය නිසාම තමයි මට මේ වගේ ලියන්නත් හිතුනේ :D

      Delete
  3. ඔය කට්ටිය ඉතිං අඩන ගමන් නිදහසට කරැණුත් දෙනවා නේ....
    අපිට අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ ඉතිං...

    ReplyDelete
  4. හෆ්ෆේ, ඇමතිට ඇඩුනේ තනි ඇහැට වෙන්න ඇති...මොකද ඉතින් තාමත් දැනෙන්නේ නෑ වගේ ඉන්නේ එකනේ....:(

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...