Saturday, February 12, 2011

බලු ටෝක්

"අඩෝ ටොමී, කොහෙද මේ ආත බූත කාඩෙගෙන දුවන්නෙ...?"
"ආහ්... බූලා, කොහොමද මචං. හුඟ දවසකින් එළියට ආවෙ... පහුගිය දවස්වල බැඳලමයි හිටියේ....!"
"ඒ මොකෝ බං... උඹව එහෙම වෙනදට බැඳල තියන්නෙ නෑනෙ...!"
"ඒක තමයි බං... මේ මිනිස්සුන්ගෙ හැටිනෙ... ඊරිසියාකාර හැත්ත... මම රැළේ යනවළු...!"
“ඇයි උන් කියලා අපිට බැල්ලියෝ ගෙනැල්ලා දෙනවද.........?”
“ඒකනෙ කියන්නෙ... කාට කියන්නද බං..........?”
"මොකෝ බං උඹ කහන්නෙ..? ඇඟේ මැක්කොද...?"
"මැක්කෝ...? පිස්සුද බං...? මගෙ ඇඟේ එක මැක්කෙක්වත් හිටියේ නෑ කියලා උඹ දන්නවනේ..!”
“එහෙනං කහන්නෙ මොකද උකුණොද...?
“ඊයෙ අපේ ගෙදර ගෑනි මාව තුරුළු කරන් හිටියනෙ... මගේ බූල් වලට ඒකි හරිම ආසයි......!”
“ඕක තමයි බං කියන්නෙ, මිනිස්සුත් එක්ක ලැග්ගොත්, උකුණොත් එක්ක නැගිටින්න වෙනවා කියලා....!”

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

11 comments:

  1. //ඊරිසියාකාර හැත්ත... මම රැළේ යනවලු//

    පට්ට. හී....හී...

    ReplyDelete
  2. අනේ ටොමී, ආහ් නැහැ නැහැ දුමී ඔයාට නං හරිම සෝයි ඒවා හිතෙන්නේ අනේ.............

    අයියේ අර රිස්වි රිස්වි ගෝ ටු ද කේජ් සිහි වුනා මට..............

    ReplyDelete
  3. ඔහෝ . . . එල එල හිකිස්.

    ReplyDelete
  4. පූසෙක් හැටියට බල්ලන්ට අකමැති වුනත් මේ කතාවනම් පට්ට කියලා මම බය නැතුව කියනවා :D

    ReplyDelete
  5. නියම බලු ටෝක........

    ReplyDelete
  6. සිරාම සිරා කතාවක්!

    බල්ලො සෙට් වුනාම කරන්නෙ මොනවද කියල පාර යනකොට දකිනව. දැක්කාම හුඟක් වෙලාවට මතක් වෙන්නේ බජාර් එකේ චන්ඩි. බල්ලොත් චන්ඩි කොපි කරල. එකෙක් බුරන්න පටන් ගත්තාම සෙට් එකම ගේමට බහිනවා. ඔය ඈතින් යන අසර‍ණයෙක් හරි කමක් නෑ වට කරල ගේමට යනවා. අරූ ඉතිං දෙකට නැවිල නැට්ට පස්සෙ ගහගෙන යන්න ඕනෙ. වාහන වලට පාරෙ යන්න නෑ උන්ගෙන් පාස් ගන්නැතුව.

    බල්ලොත් සිරා ඩයල් ටිකක් බලන් ඉන්න වටින!

    ReplyDelete
  7. සිරාවටම... ගෙවල්වල බල්ලො ගැටගහල තියෙන එකනං මාර බලු අයිතිවාසිකං උල්ලංඝනය කිරීමක්... පෙරේදා ජනනි ලියපු අසම්මතය පෝස්ට් එකේ වගේ මිනිස්සු තමන්ට දාගන්න සීමාවල් ටික බල්ලන්ටත් දාන්න හදනවා. මිනිස්සු බල්ලන්ට පේන විධියට කාලකණ්නිම තමයි ඒ අතින්.

    මිනිස්සුත් එක්ක ලැග්ගම උකුණොත් එක්ක නැගිටින්න ඕන... - සිරා කෑල්ල...

    ReplyDelete
  8. ස්තූතියි සියළුම දෙනාට...! මිනිස්සු වගේම බල්ලොත් ජීවත් වෙන්න, තමන්ගෙ සනුහරේ පවත්වාගෙන යන්න කරන්නෙ අරගලයක්...!

    ReplyDelete
  9. මේකෙ හොඳම කෑල්ල තමයි දාල තියෙන "පැලැස්තර" ටික "ටොමී, දුමී සහ බූලා" :)

    ReplyDelete
  10. මටනං පෙන්නෙ දුමීට ටොමී හම්බවුණ වෙලාවෙ ඇතිවුණ කතාවක්.

    ReplyDelete
  11. සිරා කතාව දුමී අයියෙ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...