කහ ඉරිත් නැති ජීවිතේ මග
නැවතුමත් නොපෙනී ගිහින්
දස රියන් උස, මිටි කඳු පවා
දැන් ගිනි වැදී අළුවී ගොසින්
උන් ගිමන් හල ඒ විසල් නුග
අද ලොරි මතින් මළගම් ඇදෙද්දී
නියඳ මල් පිපුණත් මොකෑ බොල
වල් වදින නිදහස තුලින්..
බෝධියෙන් බට දේවතාඑළි
තුට්ටුවට විකුණා යසින්
කොමල මුදු ලැම කෙලසලා දැන්
හෙළුව පෙන්නති සන්තොසින්
කලියුගේ සකිසඳ එසේමැයි
තාලමත් හඬගා කියද්දී
චීවරේ විවරණ මොටෑ බොල
එතෙරවෙන්නට ජීවිතෙන්..
මවු මරා ලියනා අපේකම
බොල් හඬින් වැයෙනා සරින්
ඒ යසයි කියමින් නටන මුත්
සොහොන තම බැව් නොම දනිත්
කල පවින් මිරිකී හඬන උන්
රියසකින් සසරේ ඇදෙද්දී
නිවට නරි රජකම් කැපයි බොල
පණ අදින ජාතිය මතින්...
ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)
නියමයි දිලාන්... සීරුවට වචන ගලපල සීයකට ගොනු කරල තියෙන ලොකු කතාව කියවගන්න අනාගතේ තියා වර්තමානෙවත් කවුරුත් ඉන්නවද මන්දා? ඒත් බලාපොරොත්තුවක් තියාගමු... අනුන් දිහාට නැතුව තමන් දිහාට ඇරෙන ඇස් තියෙන මිනිස්සු ටිකක් වෙනුවෙන්...
ReplyDeleteනිර්මාණාත්මක බංක්ලෝත්බහවය අතින් නම් බින්දුවයි...