මුරුගසන් මහ වැස්ස දෙපත් කපාගෙන ඇද හැලෙද්දි ගොයම ගැබ්බර වෙලා අස්වනු නෙළන්න ඔන්න මෙන්න තිබුණෙ. මාස ගාණක් තිස්සෙ ගොඩ ගැහුව බලාපොරොත්තු සුණු විසුණු උනේ එක තත්පරේකින්.
කිරි වැදුණු ගොයම එක පිට එක මඩේ වැටිල තියෙනව දකිද්දි මට දැනුණෙ පුංචි පැටව් ටිකක් සමූල ඝාතනය කරල තියෙනව දකිනවටත් වඩා කාලකණ්නි හැඟීමක්.
ජීවිතය දෝතටම ගත්තත් ඇඟිලි අතරින් රූරා ගිහින් තිබුණා.
මහ මෙරක් උසට ගොඩ ගැහුවත් බැත, පෙරලෙන්නෙ එකම එක තඹේකට. ඒ තඹෙත් උරුම ටවුමෙ මුදලාලිට. ගිය කන්නෙ පොහොර ණය මතක් වෙනකොට, සා ගින්දරේ ඉන්න බඩවල් ගාණ මතක් වෙනකොට හිත දුවන්නෙ වහ බෝතලේට.
දරු පැටවුන්ගෙ කඳුළු ගුළිවුණු පුංචිදෑස් මතක් වෙලා හීල්ලුණේ දුකට නෙමේ අසරණකමට.
ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)
පට්ට ඈ... මේ දවස්වල මේ දේවල් ඇස් දෙකට පේනව. හයියෝ...
ReplyDeleteඅපි නිකම් වචන වලින් මේවා කතා විදියට කියෙව්වට අද මේ මොහොතේ කී දෙනෙක් හැබැයින් මේ දුක විදිනවා ඇත්ද? නියමයි..!කාලීනයී!
ReplyDeleteනියමයි යාළු
ReplyDeleteමහ වැස්සේම මියැදුනු සිහිනය!
ReplyDelete