Saturday, February 19, 2011

මට අහිමි....

සඳ...
අයිති අහසට
මුත්...
සඳ එළිය
ම‌ට දැනුණා...
ඉරට අහසට ‌
හොරෙන්
මං....
සඳ එළිය වින්දා...

සීමා මායිම්
නොපෙනන තරම්ම...
සඳ
මට
ළඟ බව දැණුනා...

උණුසුම වගේම...
උහුල‌ගන්න බැරි තරම්
‌දුක දැණෙන...
අමාවක රෑ වරු ගණන්...
කඳුළු එක්ක
පහන් වූ නමුදු
මම සැනසුණා...

දින ගණන් ගෙවුණා...

එක සඳ මෝදූ වුණ...
ඇසළ මහ රෑක‌
අහස් කුස ‌සඳ එළියෙ
පුං‌චි තරු‌ කැටයක්
දැල්වුවා...
සඳු තුටින්
ආකහේ දිලිහුණා...

මගේ රෑ දිගු වුණා...
කඳුල ඇස් ළං වුණා...

හීන් සීරුවට...

මගෙ වගක්
සඳුට
අමතක වුණා...

අන්තිමට...
හැමදාම මා එක්ක ඉන්න
දිවුරාපු
සඳ...
අහසත්, තරු‌ කැටත් එක්ක
දුර ගියා...

මම
මන්දාරම් අඳුරෙ...
සඳ
මතකයන් එක්ක
තනිවුණා...


ලියා එව්වේ - සු

1 comment:

  1. හිතේ චිත්‍ර ඇඳපු කවියක්... කොහොමත් ඔය හඳ ගිය එක හොඳයි... දැන්වත් ඔය අල්ලන්න බැරි ඒව ගැන නැතිව වටේ පිටේ තියෙන ගහක් ගලක් වගේ එකක් ගැන හිතුවනං... ;-)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...