මට කියලා දීලා තිබුනු විදිහටම මම උඹට වෙඩි තිබ්බා......
උඹ අයිති උන්ට නිසා මම උඹට වෙඩි තිබ්බා............
උඹත් මට වෙඩි තියන්න බලාගෙන ඉන්න ඇති........
උඹට උන් කියලා දීල තිබුනු විදිහටම,
මට වෙඩි තියන්න උඹ බලාගෙන ඉන්න ඇති........
ඒත් මම අද ඉස්සර උනා.....
උඹලගේ බංකරේ කුඩු වෙලා යන්නම මම වෙඩි තිබ්බා.......
උඹ වකුටු වෙලා මැරිලා ගල්තලාවක් උඩ.......
උඹේ සඟයෝ රොත්තත් එක්කම උඹ මැරිලා........
උඹට, මට වෙඩි තියන්න ලැබුනේ නෑ...........
උඹ වකුටු වෙලා ඉන්නේ වේදනාවටද.......?
නැතිනම් බඩගින්නටද..........?
උඹ මැරෙනකොට උඹේ අතේ තිබුනේ තුවක්කුව නෙමෙයි........
උඹ අතේ ගුලි කරගෙන හිටියේ,
දවස් ගානකට පස්සෙ උඹට කන්න ලැබිච්ච පාන් කාල..........
ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)
අපේ රට ත්‍රස්තවාදීන් වෙතින් නිදහස ලැබුවාට පසු ලංකාවට පැමිණි වෙලාවක, අවසන් සටනේදී ඉදිරි පෙරමුණේ තම කණ්ඩායමත් සමග සටන් කල යුද හමුදාවේ විරුවෙක් මට මුණ ගැසුනා. සටන් පැවති අවදියේ නිලයෙන් ලුතිනන් කෙනෙකු වූ ඔහු (ඔහු දැන් කපිතාන් වරයෙක් ) පැවසූ කතාවක් ඇසුරෙන් මේ නිර්මාණය කෙරුනා. ඔවුන් කල එක්තරා මෙහයුමකදී එල්.ටී.ටී.ඊ බංකරයක් විනාශ කිරීමේදී එහි වූ සියළුම දෙනා මරුමුවට පත්වී සිටියා. බංකරට මදක් මෑතින් වූ ගල්තලාවක් මත මැරී වැටී සිටියේ අවුරුදු 14 - 15 තරම් වයසේ තරුණියක්.ඇයට වෙඩි වැදී මරුමුවට පත් වී සිටියා. තුවක්කුව අසල ගහකට හේත්තු කර තිබුනා. මිය යන අවස්ථාවේ ඇයගේ අතේ ගුළි කරගෙන ඉඳලා තියෙන්නෙ පාන් කාලක්. ඒ ඔවුන් වෙත දින කීපයකට පසුව ලැබුනු කෑම වේල.
ReplyDeleteමේ කතාව කියවලා මට හිතුණ දේවල් වචනවලට ගොනු කරන්න තරම් මගේ හැකියාව දියුණු නෑ. බොහොම සංවේදී කතාවක්.
ReplyDeleteමුලු වචන සීයත් හරි දුමී ගේ කමන්ට් එකත් හරි.. ලංකාවේ මිනිස්සු කතාවට කියන්නේ කන බොන වෙලාවට සතෙකුට වත් හිරිහැරයක් කරන්න එපා කියලයි.. පහුගිය යුද්දෙදි අපි හැමෝම කොයි තරම් ජරා සත්තු ටිකක් වෙලාද කියලා හිතෙන්නේ මේ වගේ අත්දැකීම් අහද්දි දකිද්දි.. හරිම හැඟීම්බරයි කතාව.!
ReplyDeleteඇත්තටම මටත් වැදුණා... මේක මුලින් කියවගෙන එද්දි මට පෙණුනෙ මේ මගේ සඳයි චිත්‍රපටියෙ වටපිටාව. ඒත් දුමියගෙ කමෙන්ට් එකෙන් ඒක සහමුලින්ම අනිත් පැත්ත හැරුණා. මේක කියපු යාළුව කවුරු වුණත් හොඳට තේරෙණව යුද්ධයට මැදි වෙලා වුණත් සංවේදී අවස්ථාවලට සංවේදී මිනිස්සු ඉන්නව කියල. මේක කොයි පාර්ශවයටත් එකයි කියල හිතන්න පූළුවන්. ලොක්කන්ගෙ උවමනාවලට මොල හෝදගෙන මිනිස්සු මරන්න උවමනාව හදාගත්තට හැම මිනිහටම සංවේදී වෙන්න පුළුවන් හදවතක් තියෙනවනේ...
ReplyDeleteනියම සටහන දුමී...
@malee_msg,
ReplyDeleteයුද්දය කියන්නෙ මහම මහ කරුමයක් කියලා ආපහු කියන්න ඕනෙ නැහැනෙ. ඇත්තටම අපේ සොල්දාදුවන්ට බන්කරේ අය කෑම කකා ඉන්නවද නැතිනම් වෙඩිතියන්න බලාගෙන ඉන්නවද කියලා හොයන්න බැහැ. ඒක ඒ අවස්ථාවෙදි වැදගත් නැහැ. යුද්දෙදි හැමතිස්සෙම ඉස්සර වෙච්ච කෙනා දිනුම්.
මගේ මිතුරු නිලධාරියා මේ සිද්ධිය ඉතාමත් සංවේදීව දැනිලා. එයා මට අන්තිමට කිව්වේ,
"මචං ඒකි මගේ නංගිටත් වඩා පොඩියි....." කියලා ලොකු සුසුමකුත් එක්ක.