මා හට පළමුවෙන්ම හමුවූයේ පෙරපාසලේදීය. එදවස මා හට නිසැක මතකයක් නොමැති වුවත් ඔබගේ මුව අද මෙන් මතකය. පසුව ඔබ හා මා එකම විදු බිමකට පා තැබුහ. එකල මා සිත් තුළ වූයේ ඔබ කෙරෙහි කැමැත්තකි. පන්ති කාමරයේදී, ක්‍රීඩා පිටියේදි ඔබ ඉදිරියේ වීරයෙකු වීමට ආසා කළෙමි. වයසින් මුහුකුරා එන විට එම කැමැත්ත ආදරයක් බවට පත්වූයේ කෙසේදැයි අදද මා නොදනිමි. ඔබ හට එම ආදරය පැවසීමට ගත් සෑම උත්සාහයක්ම එකල නිශ්ඵල විය. කාලයාගේ ඇවෑමෙන් මාගේ ජීවිතයද ප්‍රශ්ණ තුළ පැටළුණි. ඔබද නොසිතූ මොහොතක දුර ඈතකට නික්මුනේ පාසලද හැර යමිනි. තොරතුරක් සෙවීමට එකල මා හට හැකියාවක්ද නොතිබුණි. අද මා ඔබව සොයමි. ඒ ඔබට ඇති ආදරයේ නාමයෙනි.
ලියා එව්වේ - මාලක රත්නායක
මෙහෙම කතාව මටත් තියෙනවා..මොන්ටිසෝරි යෙහෙලියක්...
ReplyDeleteඅතීතෙට ගියොත් හැමෝටම වගේ මෙහෙම පෙර පාසල් කේස් එකක් ඇති. මටත් එකක් තියෙනවා. මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේ ඒ ළමයයි මමයි කපල් ඩාන්ස් (:පී) එකක් දාන පින්තූරයක් තාමත් ඇති. ඒව්ව හැබැයි මොන්ටිසෝරි විතරයි.
ReplyDeleteඅනේ වැඩක් නැහැ මෙයා.... ඔයාට දැන් වෙන අතක් බලාගන්නම වෙනවා.... දැන් අපේ ලොකු පුතාට අවුරුදු 5යි............ :)
ReplyDelete