ලොකු දූ: අම්මෙ මාව වොලිබොල් වලට තෝරගත්තා
මම: ඉතිං හොදයිනෙ පුතේ.. කොහොමද තේරුවේ?
ලොකු දූ: අපිට රවුමෙ ඉන්න කියල සර් වොලිබෝලෙ එව්වා එක එක්කෙනාට.... මම ගැහුවම සර්ගෙ අතටම ගියා....
මම: ඉතිං ඊට පස්සෙ?
ලොකු දූ: සර් මිස්ට කිව්වා මෙයාගෙ නම ලියාගන්න කියලා
ප.ලි. මට නැතිවෙච්ච අවස්ථාවන් ගොඩක් ලබන්න තමයි රත්තරන් මේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ... සෑහෙන බලාපොරොත්තු ගොන්නක් එක්ක අලුත්ම අලුත් ඉස්කෝලෙකට දැම්මෙත්…
අනේ ඔය අලුත් ඉස්කෝල කොච්චර කල් තියෙයිද?
ආණ්ඩුව පෙරලුනොත් ඉස්කෝලෙට මක්වෙයිද?
අපේ ළමයින්ට අත්දැකීම් ගන්න බැරිවෙයි.
මට ඕව එකක්වත් ඇහුනෙ නෑ...
මට ඕන වුනේ සත්තකින්ම
අංක 1 මිශ්‍ර පාසලක්..
අංක 2 අමතර දේවලට ගොඩක් අවස්ථාව ලැබෙන පාසලක්....
ලියා එව්වේ - තනෝජා රාජපක්ෂ (http://thanojar.blogspot.com)
හ්ම්ම්ම්...අපිට නැති උන අත් දැකීමක්....
ReplyDeleteඔයා බයවෙන්න එපා අක්කේ ...පොඩිඋන්ට වරදින්නේනෑ....
ReplyDeleteම්.....මම මේකට කලින් ආවනෙ.අක්කිගෙ හැඟුම්බරම වචන ටීකක්.
ReplyDeleteඔයාගේ ජීවිතේම පිරිලා තියෙන්නේ මේ වගේ හැඟුම් වලින් නේද අක්කේ. අම්මා කෙනෙක් කියන්නේ එහෙම කෙනෙකුටනේ නේද අක්කේ?
ReplyDeleteඅනේ සමාවෙන්න.. මේක පලවෙලා කියල දන්නෙ අද... ඒත් රන්දිල් නඟා කිව්වට පස්සෙ...
ReplyDelete@ රත්ගමයා - නැති උන අත් දැකීමක් කිව්වේ.... වොලිබෝල් ගහන එකද? මිශ්‍ර අත්දැකීම්ද?
@ ඉලංදාරියා - අයියෝ ඉලං... ස්තූතියි!! පොඩිවුන්ට වරදින්නෑ කිව්වෙ ලොකු වුන්ට වරදියිද? :)
@ dinesh - අනේ ඔව් මල්ලි... බ්ලෝගේ දැම්මට පස්සෙ හිතුනෙ මෙතනත් දැම්මොත් හොඳා කියලා..
@ RanDil - ස්තූතියි නඟේ.. මොනව අහනවද.. මුළු ලෝකෙම උන් දෙන්නා උනු කොට... ආරංචිය දුන්නට ස්තූති ඔයාටත්!!