Thursday, January 13, 2011

කල්‍යාණි

"මේ ඒයි..."

"මොකද බං... පොඩ්ඩක් හිටපන් මම තාම කෑවෙත් නෑ.."

"පොඩ්ඩකට මෙහාට එන්නකෝ....."

"හිටපන් බං බත් කටක් කනකන්, නැතිනම් අරුං මට බත් ඇටයක්වත් තියන එකක් නැහැ..."

"එහෙනන් බත් කාල එන්නකෝ...."

"හරි ඇයි කල්‍යාණි කතා කලේ...?"

"ආ ඔයාගෙ කෙමෙස්ට්‍රි පොත, මම නෝට්ස් ටික ලියා ගත්තා..."

"බලපං, උඹට පොත දීපු නිසා මටත් පාඩං කරන්න බැරි උනා..."

“මේ එක නෙමෙයි, අර ඉස්සරහා පේලියේ ඉන්න බෝයි මගෙන් යාළුවෙන්න ඇහුවා...."

“නියමයිනෙ, ඉතින් උඹ හා කිව්වද..?

“මම ඔයාව පෙන්නල ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියල කිව්වා, කමක් නැද්ද..?”

“කල්‍යාණි.....!, මට කෙල්ලෙක් ඉන්නවනේ....”

කල්‍යාණි බිම බලාගෙන........

“මා තනිවී නැත ලෝකේ............... මටද කුමාරියක් ඇතේ.............”

නාමල් උඩුගම ඈතින් ලයාන්විතව ගයනවා....


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

14 comments:

  1. මේ සටහන මම උසස් පෙල හදාරණ කාලයේ පෞද්ගලිකව අත්දැකපු සිද්දියක් ඇසුරින් ලියවුනක්.

    මිතුරන් සහ මිතුරියන් ආශ්‍රය කරන කොට අපිවත් නොදැනීම ඒ මිතුරියක් තමන් ගැන ආදරයක් ඇති කරගෙන කියල දැනුනොත් සහ ඇගේ ඒ ආදරය පිළිගන්න පුළුවන් තත්ත්වයක් ඇති නොවුනොත් එහෙම මොනවගේ තත්වයක්ද ඇතිවෙන්නෙ. ඒ අත්දැකීම මාත් ලැබුවා.

    ගොඩක් වෙලාවට කෙල්ලෙක් තමන්ගෙ සිතේ කොල්ලෙක්ට ඇතිවෙන ආදරය ප්‍රකාශ කරන්න බයයි. ගොඩක් වෙලාවට ඒ ගොල්ලො කොල්ලා ඉස්සර වෙනකන් ඉන්නවා. ඒ වෙනකොට පරක්කු වැඩියි. කල්‍යාණි කියන මාගේ මිතුරියත් ඇගේ ආදරය ප්‍රකාශ කරන්න ගත්ත උපක්‍රමය තමයි මේ.

    ඒ අත්දැකීම අකුරු කරන්න තමයි මම උත්සාහ ගත්තෙ. නාමල් උඩුගමගේ "මා මුව අගින්" කියන ගීතයෙන් කියවෙන්නෙ මගේ ඒ අත්දැකීමමයි.

    ReplyDelete
  2. සිරා සිතුවිල්ලක්...
    කියන්න තවත් වචන නැහැ...

    ReplyDelete
  3. පුදුමයි, මම කලින් දාපු කමෙන්ට් එකෙත් තියෙන්නෙ හරියටම වචන 100යි. ඒක දානකොට මම ගණන් කලේ නැහැ, දැම්මට පස්සෙ ටිකක් දිග වැඩියි කියල හිතුන නිසා, සියක් ගණකයට දාල බැලුවා. හරියටම වචන 100යි...!

    ReplyDelete
  4. නියම සටහන! කිව්වත් වගේ කෙල්ලො කොල්ලන්ගෙන් අහපු අවස්ථා අහල නැති තරම් අපි. ඇහුවත් ඒකත් මේ වගේ වහින් ඔරෝ බාසාවෙන් තමයි...

    මේ සින්දුව තමයි නාමල්ගෙ පලවෙනි හිට් එක මට මතක විධියට. ඒ දවස්වල සැලලිහිණියා එකේ පට්ටගැහුවනේ... නාමල්ව කෙල්ලන්ට උහුලගන්න බැරිව ගියා මේ සින්දුව නිසා... ඇයි කොල්ලො නාමල් කට් කැපුවේ....

    ReplyDelete
  5. @h , ඔව් ඔව් ඒ කාලේ නාමල් තමයි පොර. කෙල්ලන්ට පුදුම නාමල් පිස්සුවක් තමා තිබුනේ. අනික නාමල්ගේ පළවෙනි කැසට් එක සිරාම සිරා කියන්න පට්ටම පට්ට. සිරාම සින්දු ටිකක් තමයි ඒකෙ තිබුනේ. පස්සෙ රොටි පුච්චනව වගේ කැසට් ගහන්න ගිහිල්ලා මිනිහ විහින්ම නැති උනා. තාමත් අපි සෙට් වෙනකොට නාමල්ගෙ මේ පරණ සින්දු කියනවා... (එතකොට පරණ මතක වලින් ඔළුව තෝන්තු වෙලා යනවා )

    ReplyDelete
  6. අහ්... ඒක තමයි දුමි අයියා මා මුව අගින් සින්දුවට මෙච්චර කැමති.... :)
    නාමල්ගෙ පළවෙනි කැසට් එක යද්දි මම පහේ පන්තියේ... පළවෙනි එකම ආපහු මාස හයකට විතර පස්සේ ආපහු නාමල්ගේ අළුත් ෆොටෝ එකකුත් එක්ක ආවේ... පළවෙනි එකේ කූර වගේ හිටපු බුවා ඊළඟ එකේදි හෙන සයිස් වෙලා හිටිය වගෙ මතකයි...
    කොහොම වුනත් නාමල් කියන්නේ රූකාන්ත වගේම වෙනස්ම විදිහේ හඬක් හැකියාවක් තිවුන ගායකයෙක් කියලයි මමත් හිතන්නේ....

    ReplyDelete
  7. @පුතා,
    අනිවාර්යයෙන්ම මලේ මේ සින්දුවත් එක්ක මට ඒ සිද්ධිය මතක් වෙන එක වලක්වන්න බෑ. කොහොමත් මම නාමල්ගේ කැමතිම සින්දුවත් මේකයි. දැන් උනත් හිටපු ගමන් ඒ පරණ සින්දු ඇස් දෙක පියාගෙන අහනකොට, ඒ අතීත සිද්දි ඔක්කොම ආපහු පෙළ ගැහෙනවා. ඒව හරිම සුන්දර අත්දැකීම් අපිට ආපහු කවදාවත් ලබන්න බැරි....

    ReplyDelete
  8. හලේ පව්.......... මෙයාට දැන් අපාරාදේ කියලා හිතිලද කොහෙද?....... ගුටි කන්න තමා පුතෝ.......

    ReplyDelete
  9. @RanDil,
    අපරාදේ කියල හිතිලා නෙමෙයි හලෝ.... :) , පව් කියලා හිතිලා තියෙන්නෙ.... හික් හික්..!

    අපේ ගම හාමිනේ මේව ගැන ඉතින් ඔක්කොම දන්නවා... මොකද මම ඒ දවස්වල යාළුවෙලා හිටියේ ගම හාමිනේ එක්ක තමයි...!

    ReplyDelete
  10. ලිව්වෙ කව්ද කියල බැලුවම දුමී අයියා. ගුටි කෑමක් වගේ ගෙදර ගිහින් හික් හික්.

    මගෙත් හුඟක්ම ආස ගීතයක් මා මුව අගින් හිනැහුනා..

    ඒත් දැන් නම් කියන්න වෙන්නේ..

    මා තනිවී ඇත ලෝකේ මටද කුමාරියක නැතේ කියල තම හික් හික්

    ReplyDelete
  11. ඔය නාමල් යකා කෙල්ලෙකුට වහ පොවලා කියලා කථාවක් තියෙන්නේ ඇත්තද?

    ReplyDelete
  12. oya siduweema une ohoma nemei. class ekkedith nemei bath kana katath boru. poth illagatta kattath boru etta livoth dumita hoda nehe. attitaya lassani habai boru liyanna eppa dumi. dumige uttareth oka nemei. dumi kemathinam ettha akurak nera liyannam. sundara attitayata anagathayath haniyak novennama

    asin dutu sakkikariyak

    ReplyDelete
  13. @Above Ano
    "Art is something that lies in the slender margin between the real and the unreal."

    සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.

    -Chikamatsu Monzaemon

    ReplyDelete
  14. sundara athithaya saha anagathya ta haniyak nowena athatha mokadda kiyala dana ganna kemathiye anonymous ???

    kiyawanna kemathi kenek ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...