යට ගියාව ඇයි
මතක නැතුවද
කඳුලක් වෙලා
නුඹ ගිලිහුනා…
දහස් වර ඒ
හෙලූ සුසුමන්
නිහඬ ගුවනට
මුසු උනා…
මුලා වුනා මා
පමා උනා ඔබ
සොදුරු පැතුමන්
බොඳ වූවා…
කෙලෙසක හදන්නද
රිදුන මා හද
අරුමයකි ඔබට ඒ දුක
නොදැනුනා…
කිමද යලි මේ
මගේ ලොව වෙත
නිහඩ මා යලි
සෙලවුවා…
එනු එපා යලි
නෙතු අබියසට මා
හදේ දොරගුල්
දැමු වා…
කදුලු පිසලූ
දෑත මෙතුවක
වටී මට ඈ
රැකේවා…
ජීවිතය දුටුවෙමි
ඇගෙන් මා
නොදනී ද ඔබ එය
දැනේ වා…
සිනා වෙන්නට
පාර පෙන්නු
ඇයයි මා සිත
දිනූ වා…
පතමි ඔබහට
සුභාශිංසන
තැනු ඒ ලොව
දිනේවා…
සදාදර ඈ
අගේ මට අන්
කාටවත් නෑ
වාසනා….
වාසනා නං කමක් නෑ... අඬන්නෙ නැතිව ;-)
ReplyDeleteහික්..හික්..
ReplyDelete