එන්න බැරි උදවිය පාන්දර 4ට නැගිටගෙන ගෙවල් ඉස්සරහ ඉඳන් චීවරයට අතගැහුවා...
හයට විතර පන්සලට ඇදුණ කඨින පෙරහැරේ හිටපු සෙනග දැක්කම ලොකු හාමුදුරුවන්ගෙ කට කොණට හිනාවක් ආවා...
හයට විතර පන්සලට ඇදුණ කඨින පෙරහැරේ හිටපු සෙනග දැක්කම ලොකු හාමුදුරුවන්ගෙ කට කොණට හිනාවක් ආවා...
කඨින ධර්ම දේශනාව අතරෙ පෙරහැරේ ගිණි බෝල කරකවපු නවිඳු මල්ලිට මදුරුවො දශ්ඨ කලා...
එයාට ඩෙංගු හැදුණා...
එතනින් පටන් අරන් ඩෙංගු බෝ වෙන්න ගත්තා... ගම වටේම...
පී.එච්.අයි. මහත්තුරු දෙවතාවක්ම මදුරුවො බෝවෙන තැන් විනාස කරන්න කියල එනවුන්ස් කලා...
ගමේම පත්‍රිකා බෙදුවා... පෝස්ටර් ගැහුවා...
එයාලටම ඇවිත් ගම වටේම බලන්නත් වුණා.
සෑහෙන කාලයක් ගියා. කීප දෙනෙක් මැරුණා...
මිනිස්සු අල්ලපු ගෙවල්වලට බැණ බැණ හවස 4 වෙද්දි ජනෙල් වැහුවා...
පාන්දර 4 ත් හැන්දෑවෙ 4 ත් අතර සතුටෙ ඉඳල දුක වෙනකම් වෙනස්වුන 'ජීවිතය' කියන ධර්මතාවය... නියමයි..
ReplyDeleteපුදුමාතලන් වගේ තමයි.
ReplyDeleteසමාජයෙන් පෙත්තක්
ReplyDelete