දුටිමි නුඹ පළමු දින පාසල කරා යන මගක
රුසිරු රුව, කමල වත සුලාලිත පියවර තඹර
නුවන් නුව රද ගැටී සලිත විමි සිත් පවුර
නාදළුද පැරදවූ තොල් යුවල මතු කල සිරිය
දිනෙන් දින හිරි වැටී නුඹ සෙනෙහෙ සොයන සිත
ඔද වැටී සළිත විය නුඹේ සෙනෙහෙ දිනූ දින
හදට හද තුරුළු වී විහඟ යුවලක් ලෙසට
සොඳුරු පෙම් මාවතේ නිම් තෙරට ඉගිල ගිය
මගෙම සොඳුරිය වෙලා මසතු විය එදින
නිරතුරුවම රැදෙයි වී සිසිල් සෙවනැල්ල
නුඹ රුසිරු දිය කෙරූ ස්නේහෙ කිරි කඳුළු කැට
පොවමින්ද රකින සඳ මගේ දරු දැරියන් නිතින
නුඹ සුරත මට හිමිවු දිනය සමරන මෙදින
පතනෙමිය මගෙම වී මට ලැබෙනු මතු සසර..
ආයිශ්අම්මා ගුන්ඩූ..
ReplyDeleteඅයියා හාමිනෙත් එක්ක සංසාරේ පුරා සින්දු කිය කිය ඉන්ඩයි කම්පනාව නේද ? :D
නියමායි....
ReplyDeleteසුභ පැතුම් අයියා!
ඤාව්!!!
-බ්ලොග් ගඩොල්-
This comment has been removed by the author.
ReplyDeleteසුභ පැතුම් දුමී අයියා...
ReplyDeleteසසර වසන තුරා එන හැම භවයකම දෙන්නාටම එකතු වෙන්න පුලුවන් වේවා කියල පතනවා...
හැපි ඇනිවසරි එකක් වේවා
ReplyDeleteවලි අඩු ජොලි වැඩි
අනාගතයක් උදා වේවා
@Anonymous,
ReplyDelete@blog gadol,
@Dilan,
@දුකා,
ගොඩක් ස්තූතියි සුභ පැතුම් වලට..!
දුමී අයියා ...
ReplyDeleteජය වේවා !!
සුබ පැතුම් දුමි අයියා....
ReplyDeleteසුබ පැතුම් දුමී.. චිරාත් කාලයක් වැජඹේවා..
ReplyDeleteසුබම සුබ පැතුම් ලොක්කා!
ReplyDelete@සඳරු,
ReplyDelete@පුතා,
@ආගන්තුකයා,
@මුචලින්ද,
හැමෝටම බොහොම ස්තූතියි.....!