චුරු චුරු....මඩ වලේ හරි මැද දිදුලන හඳේ ඡායාවට එල්ලකර මුත්‍රා පහර මුදාහරින ගුණේගේ සිතුවිලි කළඹවන්නේ මොහොතකට පෙර සුරාසලේදී වූ දොඩමලුවීම් වල දෝංකාරයන්ය..
“මංම උඹට කී ගමනක් කියල ඇද්ද ඒ වේස ගෑණිව කරගහගන්න එපා කියල”සඳ කැළතී දිය මත බොඳවෙද්දී මතකය නොනැවතී අතීත කටහඩවල් වලට පණ පොවයි.
“දඩාවතේ ගිය එකී ගියාදෙන්.. ආපහු ඕකිව වැද්දගන්නවා එහෙම නෙමෙයි”
“ඔය දරුවත් උඹේය කියල උඹ නිච්චියටම දන්නෙ නෑ නෙවද?”සැහැල්ලුවක් හඟින ගුණේ සරම් කොන පහත දමා සිය සිතුවිලි එක්රැස් කරගන්න තැත් දරයි.
“දරුපැටිය මගේ. ඌව මං කොහොමහරි බලාගන්නව”ඉන්පසු ස්ථිර හඩින් තමාටම කියාගනී.
එවිටම, මුත්‍රාද මඩද කැළඹුණු දියෙහි සඳ නැවත මතුවෙන්න තැත්දරනු ඔහු දකී.
නියම කතාවක්. පසුබිම් මවලා පෙන්නනවා.
ReplyDeleteහ්ම්ම්... අපේ රටේ කී දෙනෙක් මේ වගේ දේවල් වලට මුහුණ දෙනවද ? අම්මලාගේ තාත්තලගේ වැරදි නිසා දරුවෝ කොච්චර සරණ වෙනවද ? දරුවෙක් මේ ලෝකෙට එනකොට පස් මහ බැළුම් බලලා අම්ම කවුද තාත්තා කවුද කියලා බලලා එන්නෙ නෑනේ...!
ReplyDeleteගුණේගේ හිත හඳෙන් පිළිබිඹු කරන විධිය සුපිරි. ඒ එක්කම ගුණේ හඳේ පිලිබිඹුවට මුත්‍රා කරන එකට නම් හඳට ආදරේ කරන අය කැමති වෙන එකක් නෑ... ;-)
ReplyDeleteමේක තමයි මම කියවපු කෙටිම-කෙටි, හොඳම කෙටි කතාව! ඒ චරිත, පරිසරය ඇස් දෙක ඉස්සරහ මැවෙනවා වගේ...නියමයි!!!
ReplyDelete